ගූගල් වෙබ් අඩවියට අයත් ශ්රී ලංකා වෙබ් ලිපිනය වන google.lk වෙබ් අඩවිය යම් සයිබර් ප්රහාරයකට ලක්වී ඇතැයි අන්තර්ජාල පරිශීලකයන් විසින් ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට වාර්තා කෙරිණි.
Google.lk වෙබ් ලිපිනයට පිවිසුන විට එහිදී පෙන්වන Homepage වෙනුවට ශ්රී ලංකාව අපකිරීමත් කිරීමට කටයුතු කරන ලද වෙබ් පිටුවක් (web defacement) කරන ලද පිටුවක් දැකගත හැකිවීමට හැකිවිය.
මෙම සයිබර් ප්රහාරය පසුගිය 4 වෙනිදාට යෙදී තිබූ නිදහස් දිනය ඉලක්ක කරගනිමින් එල්ලවූ සයිබර් ප්රහාරයක් දැයි සැක අප ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට මතුවී ඇත.
පසුගිය වසර කිහිපය මුළුල්ලේ සිට මෙවැනි සයිබර් ප්රහාර ශ්රී ලංකාවේ විශේෂිත දින ඉලක්ක කරගනිමින් සිදුවී ඇති බව ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් මිට ප්රථම පෙන්වා දී ඇත.
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය