Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 400 ණය පියවා දමයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දියානු මහ බැංකුවෙන් ශ්‍රී ලංකාව විශේෂ විනිමය හුවමාරු පහසුකම් යටතේ ලබාගත් ඩොලර් මිලියන 400ක ණය මුදල පියවා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම ණය පහසුකම් පියවන ලෙසට ඉන්දියාව මෙරට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබු බවයි.



ශ්‍රී ලංකා මහ බැංකුව සිය ට්විටර් ගිණුම හරහා නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවත් නියමිත පරිදි මුදල් පියවීම සිදුකල බවයි. එමෙන්ම ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන් ද අඛණ්ඩව සාකච්ජා කෙරෙන බවටද මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

Scroll to Top