Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොරෝනා වෛරසයේ තවත් නව ප්‍රභේද කීපයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදවල ජාන විපර්යාසය පිළිබඳව එංගලන්තයේ මහජන සෞඛ්‍ය බලධාරීන් කනස්සල්ල පළ කරන අතර ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටිති.

ඉන් එක් ජාන විපර්යාසයක් E484K නමින් හඳුන්වන අතර දකුණු අප්‍රිකාවෙන් හමුවූ කොරෝනාවෛරස් නව ප්‍රභේදයේ ද එම ජාන විපර්යාසය දක්නට තිබේ.

කොරෝනාවෛරසයේ නව ප්‍රභේද ඇතිවීම හේතුවෙන් එන්නත්වල සඵලතාව අඩුවීමට ඉඩ ඇති නමුත් දැනට භාවිත කරනු ලබන එන්නත් තවමත් එම ප්‍රභේදවලට එරෙහිව ක්‍රියා කරනු ඇති බව විශේෂඥයෝ පවසති.

තවත් කොරෝනාවෛරස් ප්‍රභේදයක් මහා බ්‍රිතාන්‍යයේ කෙන්ට් පළාතෙන් හමුවී ඇති අතර එය ‘කෙන්ට්’ ප්‍රභේදය ලෙස නම් කර තිබේ.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>තවමත් සොයා නොගත් තවත් නව ප්‍රභේද පැවතිය හැකි බව විශේෂඥ මතයයි.

මෙවැනි තත්ත්වයක් හමුවේ ආසාදනයවීම් අවම කර ගැනීමට ලොක්ඩවුන් නීති අනුගමනය කිරීම ඉතා වැදගත් බව ද ඔහු ප්‍රකාශ කළේය.

“එහෙම නොකළොත් වෛරසය ව්‍යාප්ත වෙනවා පමණක් නොවෙයි, එය පරිනාමයට පත්වීමත් සිදු වෙනවා.”

වෛරසය ව්‍යාප්ත වන තරමට ජාන විපර්යාස ඇති වී තව තවත් ප්‍රභේද මතුවන බව ඔහු අවධාරණය කරයි.

Scroll to Top