මෙම ක්‍රියාවලිය මගින් වාසි සැලසෙන්නේ තේ සංවර්ධන මණ්ඩලයට. එහෙම නැතිනම් වැවිලි කටයුතු අමාත්‍යාංශයටයි. මූල්‍යම වාසිය ලැබෙන්නේ මෙම ආයතන වලටයි.
තේ දලු නෙලන පුද්ගලයාගේ පටන් ව්‍යාපාරිකයා දක්වා මෙම මූල්‍යමය වාසිය ලබාගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් අවසාන වශයෙන් මෙහි ප්‍රථිපලය සමස්ත රටටම ලැබෙනවා.
මෙම අවස්ථාව ඉතාමත් කුඩා එකක් වුවත්, මෙමගින් රටට, රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා. අතීතයේදී අප මෙවැනි පර්යේෂණ සිදුකිරීමට ලෝකයේ අනෙක් රටවලට බාර දුන්නා.
නමුත් අද පට හැකිවෙලා තිබෙනවා දේශීය වශයෙන් එම පරීක්ෂණය, නියාමනය ආදි සියල්ලම අපටම සිදුකරන්න. ඒ නිසා පරමානු බලශක්ති මණ්ඩලය අදාල අමාත්‍යවරයා හැටියට මම ඒ ගැන විශාල ලෙස සතුටට පත්වෙනවා.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>මීට ඉහතදී අපි පිළිකා හදුනාගැනීම සදහා වන ගිවිමසුමක් අත්සන් කලා. ඉදිරියේදී ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙනුත් මෙවැනි පරීක්ෂණ ක්‍රමවේදයක් සිදුකරලා, ඒ තුලින් ලැබෙන ලාභය අපේ ගොවියාට ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.
පුංචි රටක් වුණාට අපි අපි ගැන ලොකුවට සිතන්නට පුරුදු වෙමු. අපේ වටිනාකම අපි වටහාගනිමු. ඒ තුළින් අපේ මේ පුංචි ලංකාවේ වටිනාකම ලෝකයටම පෙන්වමු යැයි සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, “Ceylon Tea” සඳහා භූගෝලීය දර්ශක තත්ත්වය (GI- Geographical Indication) ලබා ගැනීම සඳහා වු නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් තෛපාර්ශවීය ගිවිසුම් අත්සන් කිරීමකට සහභාගි වෙමිනි.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>මෙම ගිවිසුම ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, සහ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය අතර සාමූහිකව ක්‍රියාත්මක කරන “Ceylon Tea” වලට ආවේනික වන ශ්‍රී ලාංකික මූලාරම්භය අනෙකුත් තේ නිෂ්පාදනය කරන රටවලින් වෙන්කර තහවුරු කර ගැනීමට භූ රසායනික ප්‍රවේශය පදනම්ව සිදුකරන නියමු ව්‍යාපෘතියක් සඳහා වන ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකි.
“Ceylon Tea” සඳහා භූගෝලීය දර්ශක තත්ත්වය (GI- Geographical Indication) ලබා ගැනීම සඳහා මෙම නියමු ව්‍යාපෘතිය අතිශය වැදගත් වේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා..,
Ceylon Tea ගැන ලෝකයේ නොදන්න කෙනෙක් නැති තරම්. නමුත් අපි ජාත්‍යනතරයට ගියාම මේ Ceylon Tea ආවේ කොහෙන්ද, සමාගම මොකක්ද ආදි ගැටළු මතු වෙනවා.
ඉදිරියේදි මෙම පර්යේෂණ වලට අනුකූලව එම ගැටළුව මතු නොවෙන්නට කටයුතු කළ හැකි වේවි. Ceylon Tea සන්නාමය භාවිතා කරන්නන්ට යම් බලපත්‍රයක් හෝ ලාංඡනයක් ඉදිරිපත් කිරීම තුළ ලෝකයට යම් අනන්‍යතාවයක් සපයන්න හැකිවේවි.
ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව අවම කාලයක් තුලින් උපරිම ඵලදායිතාවක් ලබාගැනිමේ ක්‍රියාලියට සැවොම එක්වි කටයුතු කරමු යැයි පැවසීය.
මෙම ගිවිසුමේ අරමුණ වන්නේ “Ceylon Tea” වල ශ්‍රී ලාංකික සම්භවය, රටවල් අතර සහ ශ්‍රී ලංකාව තුළ කෘෂි දේශගුණික කලාප අතර වෙන්කර හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක සත්‍යාපන ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමයි.
මෙම ගිවිසුමහි අන්තර්ගතය ලෙස එක් එක් පාර්ශවයන්ගේ කාර්යභාරයන් සහ වගකීම්, නියැදි ලබාගන්නා ක්‍රමෝපාය, ලබාගත් රසායනික විශ්ලේෂණ දත්ත පරිශීලනය කොට ස්ථායි නිගමන වලට (Finger Print) පැමිණීම සහ ව්‍යාපෘතිය සඳහා අරමුදල් සම්පාදනය කිරීමේ යාන්ත්‍රණය විග්රහ කොට ඇත.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>ව්‍යාපෘතියේ පළමු අදියරේදී විධිමත් දත්ත සංඛ්‍යානය භාවිතයෙන් රට තුළ සියලුම තේ වගා කරන ප්‍රදේශ නියෝජනය කරමින් රටේ තේ කර්මාන්ත ශාලා තෝරාගෙන ඒවායෙන් Orthodox Black Tea වල විවිධ ශ්‍රේණි (Tea Grades) නියෝජනයෙන් නිෂ්පාදනය කෙරෙන ප්‍රධාන භූගෝලීය කලාප 03 වන: High grown, Medium grown සහ Low grown කලාප වලට ආවේනික සාම්පල ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
දෙවන අදියරේදී අනෙකුත් ප්‍රධාන තේ නිෂ්පාදනය කරනු ලබන විවිධ රටවලින් ලබා ගන්නා තේ සාම්පල සමඟ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තේ විශ්ලේෂණයට භාජනය කොට දත්ත සංඛ්‍යානමය ආකෘතියක් (Statistical Model) සකස් කරනු ලැබේ.
මෙම විශ්ලේෂණය භාවිතයෙන් ශ්‍රී ලංකික තේ අනෙකුත් රටවල නිශ්පාදිත තේ වලින් වෙන් කර හඳුනා ගැනීමට විද්‍යාත්මක දත්ත සලකුණක් (Unique Finger print) සකසා ලෝක ප්‍රජාවට හඳුන්වා දීම මෙමගින් සිදු කෙරේ.
මෙම තහවුරු කිරීම මගින් ශ්‍රී ලාංකික උරුමයක් ඇති “Ceylon Tea” සඳහා ලෝක ප්‍රජාවට අවිනිශ්චිතභාවයකින් තොරව එම තේ වල රස විඳීමටත් “Ceylon Tea” ලේබලය යටතේ සිදුවන අපහරණයන් වලින් “Ceylon Tea” හා බැඳුණු තේ පාරිභෝගිකයන්හට මහඟු සේවයක් ලබා දීමටත් හැකි වනු ඇත.