Aboutceylon Online

COVID ව්‍යාප්තිය අවම කිරීමට රොටරි, පික්මී, එස්ලෝන්, කීල්ස් එක්වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජය එස්ලෝන් (S-Lon), පික්මී (PickMe) සහ කීල්ස් සුපිරි වෙළඳසැල් (Keells Supermarkets ) සමග එක්වී, COVID-19 රෝග ව්‍යාප්තිය අවම කිරීමට දායක වීමේ අරමුණින්, ත්‍රිරෝද රථ තුළ දෑත් සේදීමේ ඒකක සවිකිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

මෙහි මුල් අදියර යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ‘පික්මී’ සේවාව සමග ලියාපදිංචි වී සිටින ත්‍රිරෝද රථ 500 ක මෙම දෑත් සේදීමේ ඒකක සවිකෙරෙනු ඇත. COVID-19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් අංක 3220 හි අරමුණ හා සමගාමීව කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

ත්‍රිරෝද රථ යනු වර්තමානයේ එදිනෙදා ගමනාගමනය සඳහා ඇති ඉතාමත් පහසු ක්‍රමයකි. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ මිලියන 1.2 කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර, එක් ත්‍රිරෝද රථයක් දිනකට කුලී ගමන් 30 ක පමණ යෙදෙන බව විශ්වාස කෙරේ.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>

පහසුවෙන් සේවාව ලබාගත හැකි වීම, ගමනේදී ලැබෙන පහසුව සහ අඩු මුදලකට ගමන් බිමන් යාමට හැකිවීම වැනි සාධක නිසා බෙහෙවින් ජනප්‍රිය වී ඇති ත්‍රිරෝද රථ ජනතාව වෙනුවෙන් ඉටුකරනුයේ මිල කළ නොහැකි සේවයකි.

මෙම ජනප්‍රියතාව නිසාම ත්‍රිරෝද රථවල ගමන් බිමන් යාමේදී COVID-19 රෝගය ආසාදනය වීමේ අවදානමක් මතුවීමට ඉඩ ඇති අතර, මෙම අවදානම අවම කිරීමේ අරමුණින් මේ ආකාරයට එම රථ තුළ දෑත් සේදීමේ පහසුකම් ස්ථාපිත කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ. සබන් යොදා දෑත් සේදීම යනු COVID-19 අසාදනය වීමේ ඉඩකඩ අවම කිරීම සඳහා පහසුවෙන් භාවිතා කළ හැකි ක්‍රමයකි.

මීට අමතරව එකිනෙකා අතර මීටරයක පරතරයක් පවත්වා ගැනීම, ජනාකීර්ණ ස්ථාන වල ගැවසීමෙන් වැළකීම, කහින විට හා කිබුහුම් යවන විට බිඳිති විසිරී නොයන ආකාරයට කටයුතු කිරීම ආදිය මගින් රෝග ව්‍යාප්ති අවදානම අවම කරගත හැකි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජයේ සභාපති රුවන් ගුණසේන මහතා මෙසේ පැවසී ය. “මෙම ව්‍යාපෘතිය ආරම්භ වුණේ, 2020 ජූනි මාසයේදී ඉන්දියාවේ මීට සමාන ව්‍යාපෘතියක් බෙහෙවින් ජනප්‍රිය වී ඇති බව අපගේ සාමාජිකයෙකුට දැනගැනීමට ලැබීමෙන් අනතුරුවයි. මේ නව සොයාගැනීම ඔවුන් ‘Coronainvention’ ලෙස නම්කර තිබුණා.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>

එය ශ්‍රී ලංකාවේ රථවාහන නීතිරීති වලට ගැළපෙන පරිදි වෙනස් කර ක්‍රියාත්මක කිරීමට කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජයේ අප තීරණය කළා. එස්ලෝන්, පික්මී සහ කීල්ස් යන සමාගම් මෙය සමාජයට යහපතක් සැලසීමට හැකි අවස්ථාවක් ලෙස හඳුනා ගෙන අප සමග අත්වැල් බැඳගැනීම අපට මහත් සතුටක්. COVID-19 අවදානම අවම කිරීමේ ක්‍රමවේදයක් ලෙස පොදු ස්ථාන වලදී සබන් යොදා හොඳින් දෑත් සේදීමේ වැදගත්කම පිළිබඳ පණිවිඩය ජනතාව වෙත සන්නිවේදනය කිරීමට මෙය බෙහෙවින් උපකාරී වේවි.

ඒ වගේම වෛරසය පැතිරීමේ ඉඩකඩ අවම කිරීම සම්බන්ධයෙන් අප සැමදෙනාම සතු වගකීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත් මෙය අතිශයින් වැදගත් වේවි කියා අප සිතනවා.”

එස්ලෝන් සමාගමේ සාමාන්‍යධිකාරී (අලෙවි) චාමර ලොකුපොතගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජය මෙම අදහස අප වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී, සමාජයට විශාල යහපතක් සිදුකළ හැකි අගනා අවස්ථාවක් ලෙස අප එය දුටුවා.

මෙම හවුල්කාරීත්වය යටතේ අප විසින් එස්ලෝන් ‘uPVC’ පයිප්ප සහ උපාංග යොදාගෙන, ත්‍රිරෝද රථ තුළ දෑත් සේදීමේ ඒකක වල ජලය ගෙනයන ප්‍රධාන සිලින්ඩරය සහ සබන් ඩිස්පෙන්සරය නිපදවීම සිදුකරනු ලබනවා.

ඉතාම සහනදායී මිලකට මෙම ඒකක කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජය වෙත ලබාදීමට අපට හැකියාව ලැබුණු අතර,  COVID-19 වසංගත රෝග තත්ත්වය තවමත් දැඩිව ව්‍යාප්ත වෙමින් පවතින මේ අවස්ථාවේදී මහජනතාව දැනුවත් කිරීමට මෙමගින් විශාල කාර්යභාරයක් ඉටුවනු ඇතැයි කියා අප බලාපොරොත්තු වෙනවා.

මේ මොහොතේ අපගේත් අපගේ සමාජයේත් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කළ යුතු මූලික දේවල් මොනවාද යන්න අප නිතර සිහිතබාගත යුතුයි.”

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>

ප්‍රවාහන ක්ෂේත්‍රයේ සමාගමක් ලෙස, මෙම වැඩසටහනේ මූලික අරමුණට අදාළව පුළුල් පරාසයක් ආවරණය කිරීමට ඇති හැකියාව ඔස්සේ පික්මී ආයතනය මෙම ව්‍යාපෘතියට දායක වී සිටී. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉසිර පෙරේරා මහතා මෙසේ පැවසී ය.

“2020 වසර ආරම්භයේ COVID-19 රෝග ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන්, උෂ්ණත්වය පරීක්ෂා කිරීම සහ එම දත්ත PickMe App හරහා දැකගැනීමේ අවස්ථාව සැලසීම, රථවාහන වල මගීන් සහ රියදුරා අතර ආරක්ෂක තිර සවිකිරීම සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් විවිධාකාරයේ විධිවිධාන නියම කිරීම ආදිය මගින් පාරිභෝගිකයන්ගේත් රියදුරන්ගේත් ආරක්ෂාව තහවුරු කිරීමට අප පියවර ගත්තා.

කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජය සමග අප ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය එම උත්සාහයේ තවත් ඉදිරි පියවරක් වන අතර, මේ ආකාරයට ඉදිරියටත් ශ්‍රී ලංකාව වඩාත් සුරක්ෂිත කිරීම සඳහා අඛණ්ඩව දායක වීම අපගේ බලාපොරොත්තුවයි.”

කීල්ස් සුපිරි වෙළඳසැල් ජාලයේ මෙහෙයුම් ප්‍රධානී (පාරිභෝගික විකුණුම්) නිලුෂ් කුරේ මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “COVID-19 රෝග ව්‍යාප්තිය ආරම්භ වූ කාලයේ සිටම අප පාරිභෝගිකයන්ගේ හා අපගේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කළා.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව අතර යහපත් සනීපාරක්ෂක පුරුදු ප්‍රචලිත කිරීම අරමුණු කරගත් මෙවැනි ව්‍යාපෘතියකට දායක වීමට ලැබීම අපට සතුටක්. මෙම හවුල්කාරීත්වය යටතේ අප ත්‍රිරෝද රථ වල සවිකරන දෑත් සේදුම් ඒකක සඳහා දියර සබන් නොමිලයේ ලබා දෙනවා.”

ඉදිරියේදී ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වලද මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැවීමට කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජය අපේක්ෂා කරයි.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>

මේ සඳහා තම හවුල්කරුවන් ජාලය සහ, රටපුරා සමාජ 200 කට අධික සංඛ්‍යාවකින් සමන්විත රොටරි 3220 ජාලය සමග එක්ව කටයුතු කිරීම එම සමාජයේ අපේක්ෂාව වී ඇත. COVID-19 තර්ජනය හමුවේ මුළුමහත් ලෝකයම නව ජීවන රටාවකට හුරුවෙමින් සිටින මේ මොහොතේ දෑත් සේදීම යනු අපගේ දෛනික ජීවන රටාවන්ගේ අනිවාර්ය අංගයක් බවට පත්විය යුතුව තිබේ.

ව්‍යාපෘතිය සම්බන්ධ වැඩිදුර තොරතුරු [email protected] සහ [email protected]. ඔස්සේ කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජය වෙතින් ලබාගත හැකි වේ.

විස්තර සඳහා:

Kishani Gunasekera: +94 77 736 9195

Sakina Juzar: +94 77 3620 607

Scroll to Top