ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වූ වාසනා මෛත්‍රී හේරත් මහත්මිය සන්නිවේදන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරයක් හිමි කරගත් මෙරට ළාබාලතම මහාචාර්යවරිය බවට පත්වීමට වාසනාව ලබා තිබේ.
මේ නව පත්වීමත් සමඟ ජනසන්නිවේදනය පිළිබඳ මෙරට සිටින මහාචාර්යවරුන් අතළොස්සක් අතරට සන්නිවේදන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක්ද එකතු වී සිටීම විශේෂත්වයකි.
බදුල්ල විශාඛා බාලිකා විද්‍යාලය, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය සහ බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේද අධ්‍යාපනය ලැබූ වාසනා මෛත්‍රී හේරත් අ.පො.ස. උසස්පෙළ කලා අංශයෙන් ඌව පළාතේ විශිෂ්ටතමයන් අතරට එක්වෙමින් ඒ සාමාර්ථ හතරක් ලබා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළුව එම විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ පළමු පංතියේ ගෞරව සාමාර්ථයක් සමඟින් විශේෂවේදී උපාධියක්ද හිමි කරගෙන තිබේ.
පසුව එම විශ්වවිද්‍යාලයේම තාවකාලික කථිකාචාර්යවරියක් ලෙස වර්ෂ 2004දී කටයුතු කළ වාසනා මෛත්‍රී හේරත් මහත්මිය ඉන් අනතුරුව රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස පත්වූවාය.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආරම්භක කථිකාචාර්යවරියක් ලෙස හේරත් මහත්මිය රාජකාරි අරඹන්නේ වර්ෂ 2006දීය. එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ දෙවන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කළ ඇය 2014 වසරේදී ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව එම විශ්වවිද්‍යාලයේම ආචාර්යවරියක් ලෙසද කටයුතු කළාය.
වර්ෂ 2017දී පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් බවට පත්වූ හේරත් මහත්මිය ඒ සියලු කඩඉම් පසුකොට මේ වන විට සන්නිවේදන විද්‍යා පිළිබඳ මහාචාර්ය පදවියද හිමි කරගෙන සිටින්නීය.