Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රටේ පාලන බලය හමුදාව අල්ලයි – දේශපාලන නිලධාරීන් අත්අඩංගුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මීට පැය කිහිපයකට පෙර අවුන් සාන් සුචී ඇතුළු  ඉහළ නිලධාරීන් පිරිසක් මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇති අතර මියන්මාර හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට බලය පැවරීමට ක්‍රියා කරන බවයි.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම ඇතැම් දුරකතන සේවාවන්හි ද අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

2011 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට පැමිණෙන තුරු මියන්මාරය තුළ ක්‍රියාත්මක වූයේ, හමුදා පාලනයකි.

Scroll to Top