Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ක්‍රිකට් අධීක්ෂණයට නව කමිටුවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය මෙන්ම ක්‍රිකට් සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ අරමුණින් නව ක්‍රිකට් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා තීරණය කරයි.

එම කමිටුවට අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහනාම යන හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් නම් කරනු ඇතැයි පැවැසේ.

මේ කමිටුව මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයට අවශ්‍ය තීන්දු තීරණ ප්‍රකාශ කළ යුතු අතර, ක්‍රිකට් ආයතනය යටතේ මේ කමිටුව ක්‍රියාත්මක වේ.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් ‘දක්ෂතා මත පදනම්ව’ සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇති අතර, ක්‍රීඩකයන් වඩාත් දිරි ගැන්වෙන තත්ත්වයකට පරිවර්තනය කිරීමට අපේක්ෂා කෙරේ.

ක්‍රිකට් සංවර්ධන කමිටුව පිළිබඳ නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අදහස් දක්වා තිබූ අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිදෙනකු සමඟ ක්‍රිකට් දියුණුව වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එම පණිවිඩය නිකුත් වී තිබිණි.

 

 

Scroll to Top