1996 ජනවාරි 31 වැනි දින රට කම්පනයට පත් කළ මහ බැංකු බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර LTTE විසින් සිදු කරන ලද මාරාන්තික ත්‍රස්ත ප්රහාරයකි.
රාත්තල් 440 ක් පමණ පුපුරණ ද්‍රව්‍ය අඩංගු ට්‍රක් රථයක් ශ්‍රී ලංකාව මහ බැංකුවේ ප්‍රධාන ගේට්ටුව අසල පුපුරුවා ගැනීමෙන් එම බෝම්බ ප්‍රහාරය සිදුවිය.
එම පිපිරීමෙන් පුද්ගලයින් 91 දෙනෙකු මිය ගොස් 1,400 දෙනෙකු පමණ තුවාල ලැබීය.
ජනාධිපති මාවත මැද පිහිටි ඔර්ලෝසු කණුවේ කටුව වේලාව පෙරවරු 10.47 බව සටහන් කළා පමණි. රතිඤ්ඤා වැලක් පිපිරෙන්නා සේ එක දිගටම පිපිරුම් හඬක් ඇසෙන්නට විය.
මිනිසුන්ගේ කෑ කෝ ගැසීම් මැද තවත් පිපිරීම් ශබ්ද කිහිපයක්ද ඒ සමගම නැගී ආවේය.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
කොළඹ නගරයම වේගයෙන් කම්පනයෙන් සලිත කළ තවත් එක් අධිබලැති බිහිසුණු බෝම්බ පිපිරීමක් එසේ සටහන් විය.
ජනවාරි 19 වෙනි දින ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත එල්ලාලන් බළකාය යන ශීර්ෂය යටතේ රහසිගතයි යනුවෙන් සීල් තබන ලද ලිපියක් ලැබී තිබිණි.
ශ්‍රී ලංකාවේ කොළඹ අගනුවර මුළුමනින්ම ක්‍රියා විරහිත කරන බවටත් රජයේ හමුදාවන් විසින් යාපනයේදී සිදුකරන ලද ඝාතනයන් හෙළා දැකීමට ඉදිරිපත් නොවූවන්ට කොළඹ සිදුකරන මිනිස් ඝාතනයන් ද හෙළාදැකීමේ අයිතියක් නැති බවත් එහි සටහන්ව තිබිණි.