Aboutceylon Online

ITEC වැඩසටහන යටතේ ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා ඔන්ලයින් පාඨමාලා ආරම්භ කිරීම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දියාව විසින් ඉන්දියානු තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතා (ITEC) වැඩසටහන යටතේ ඔන්ලයින් ක්‍රමයට පුහුණු පාඨමාලා සමාරම්භ කිරීම සිදු විය.

විඩ්-19 වසංගත තත්වය තුළ පවතින සංචාරක සීමා හේතුවෙන්, ඉදිරි මාසය තුළ පාඨමාලා දහයක් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සහ ඉන්දියාවේ පොලිස් පර්යේෂණ සහ සංවර්ධන කාර්යාංශයේ (BPR&D) නිලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙම සමාරම්භක අවස්ථාවට සහභාගී විය.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>BPR&D ආයතනය මෙම වැඩසටහන් එහි විවිධ පුහුණු ආයතනයන්හි සංවිධානය කිරීමේ වගකීම දරන ආයතනය වේ. පාඨමාලාවන්හි අන්තර්ගතය ශ්‍රී ලංකා පොලිසියේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි සකස් කර ඇති අතර ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ඉන්දියානු පොලිස් නිලධාරීන් සමඟ නිල අන්තර්ක්‍රියා හරහා එකිනෙකාගේ අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමට අවස්ථාව හිමි වන ලෙස නිර්මාණය කර ඇත.

එය වර්තමාන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ හැකියාවන් ඉහළ නැංවීමට උපකාරී වනු ඇත. එසේම, මෙම වැඩසටහන් තුළින් ප්‍රශ්න කිරීමේ විධි ක්‍රම, මිනිස් ජාවාරම, මූල්‍ය වංචා විමර්ශනය, මත්ද්‍රව්‍ය, බුද්ධි සේවා සහ ජාතික ආරක්ෂක වැඩමුළු, සයිබර් අපාරාධ, අන්තවාදයට සහ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම යනාදී මාතෘකා ආවරණය කරනු ඇත.

එක් එක් පාඨමාලාව සඳහා පොලිස් අධිකාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක සහ උප පොලිස් පරීක්ෂක යන නිලයන්හි පොලිස් නිලධාරීන් 25 දෙනා බැගින් ශ්‍රී ලංකා පොලිසිය විසින් නම් කරනු ඇත.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>පසුගිය වර්ෂයන්හි දි ඉන්දියාව ශ්‍රී ලංකා පොලීසියේ අවශ්‍යතා මත පදනම්ව ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් හට ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පොලිස් පුහුණු ආයතනයන්හි පුහුණුවීම් සඳහා ආරාධනා කර ඇත.

2018 සහ 2019 වසරවලදී පොලිස් සහ නීති නිලධාරීන් 200කට අධික පිරිසක් විවිධ මාතෘකා යටතේ විවිධ ආයතනයන්හි පුහුණු වීම් ලබා ඇත.

මෙම පාඨමාලා හි සම්පූර්ණ අනුග්‍රාහකත්වය ඉන්දීය රජය විසින් දරන ලද අතර එම වැඩසටහන් ශ්‍රී ලංකා පොලිසියේ කුසලතාවයන් වර්ධනය කිරීමට ඉවහල් වී ඇත. එවැනි අන්තර්ක්‍රියාවන් සහ අත්දැකීම් බෙදාහදා ගැනීම් තුළින් ඉන්දියාවට ද ප්‍රතිලාභ හිමි වේ.

Scroll to Top