Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වැඩසිටිකන්ද විහාරාධිපති ඝාතන තැත ව්‍යර්ත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කතරගම වැඩසිටිකන්ද රජමහ විහාරාධිපති ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද හිමියන් ඝාතනයකොට
විහාරස්ථානය කොල්ලකෑමට පැමිණි බව කියන තරුණ ස්වාමීන් වහන්සේ පස් නමක් සහ ගිහි පුද්ගලයන්
දෙදෙනකු  කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයන් 10 දෙනකු පමණ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව කතරගම පොලිසිය පවසයි.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>වැඩසිටිකන්ද විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් කලක සිට දෙපාර්ශ්වයක් අතර යම් ආරවුලක් පවතින අතර ඒ සම්බන්ධයෙන් වූ විභාග වන නඩුවක්ද හම්බන්තොට මහාධිකරණයේ පවතී. විහාරස්ථානයට පැමිණපිරිස අතර ස්වාමීන් වහන්සේ 10 දෙනකු පමණ හා ගිහි පුද්ගලයන් 20 දෙනකු පමණ වන බව විහාරාධිපති හිමියෝ පැවැසූහ.

මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති පිරිස අතර අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයකට අයත්
පිරිසක් සිටින බව පැවැසේ.

Scroll to Top