අම්බුළුගල විහාරස්ථානයේ පවත්වාගෙන යමින් පවතින මෙම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට අඩුපාඩුවක්ව තිබූ ගොඩනැගිල්ල සඳහා නව ගොඩනැගිල්ලක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ මුල් ළමා විය සංවර්ධන ව්‍යාපෘතිය 2020 මගින් රුපියල් ලක්ෂ 6 ක් වටිනා නව ගොඩනැගිල්ලක් ඉදිකරීමට කටයුතු කරන ලදි.
මාවනල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතංගොඩ මහත්මියගේ උපදෙස් මත මාවනැල්ල මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී අශෝකා රත්නායක මහත්මියගේ අධීක්ෂණය යටතේ 2020 ජූලි 15 වන දින මුල් ගල තැබූ මෙම ගොඩනැගිල්ල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලික ඉනෝමා අරුණකාන්තී මහත්මියගේ සංවිධායකත්වයෙන් දෙමාපිය කමිටුවේ සහයෝගයෙන් වැඩකටයුතු නිමකරන ලදි.
මෙම මස 21 වන දිනට යෙදී තිබුන සුභ මොහොතින් විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතංගොඩ මහත්මියගේ සුරතින් විවෘත කරන ලදි එම අවස්ථාව පැමිණි ප්‍රාදේශීය ලේකම් තුමියගේ සුරතින් ගෙඩනැගිල්ල පරිශ්‍රයේ කිිරි ඉතිරවීමද සිදුකරන ආකාරය දැකගැනීමට ලැබුනි.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>මෙම ව්‍යාපෘතිය සඳහා විහාරාධිති ස්වාමීන් වහන්සේ විසින් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා භූමිය ලබාදීමට කටයුතුකරන ලද අතර මෙහි වැඩකටයුතු අවසන් කිරීම සඳහා දැක්වූ දායකත්ය හේතුවෙන් ලක්ෂ 10ක් පමණ වටිනා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හැකි වූ බව පැවසූහ .
තවද මෙම ව්‍යාපෘතිය මගින් භාග්‍යා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සඳහා තවත් ලක්ෂ එක හමාරක පමණ ගෘහස්ථ උපකරණ හා අධ්‍යාපණ උපකරණ ලබාදීමට නියමිතව ඇති බව පැවසූහ.
මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමිය මාවනැල්ල මුල් ළමාවිය සංවර්ධන නිළධාරිනී අශෝකා රත්නාය මාවනැල්ල පොලිසියේ නිළධාරීන් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් දරුවන්ගේ දෙමාපියන් ගම්වාසීන් සහභාගි වූහ.