Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොමිස් ගැහිලි නැති එන්නත් ලක්ෂ 6 ක් ජනවාරි 27 ශ්‍රී ලංකාවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා (Oxford-Astra Zeneca) එන්නත් කුප්පි 600,000 ක් ජනවාරි 27 වනදා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පැවසීය.

ඉන්දියාවේ සිරම් ඉන්ස්ටිටියුට් ( Serum Institute of India ) හි නිෂ්පාදිත මෙම කොරෝනා ප්‍රතිරෝධි එන්නත් ඉක්මනින් ලබා දීම සඳහා ඉන්දීය බලධාරීන් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කළේය.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කොරෝනා ප්‍රතිරෝධි එන්නත් සඳහා හදිසි භාවිත අනුමැතිය ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ලබා දී ඇති බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMR) ‍කොරෝනා වසංගතය සඳහා පළමු වරට ඔක්ඩ්ෆර්ඩ් ඇස්ට්‍රාසේනික (Oxford-Astra Zeneca) එන්නත ලබා දීමට අනුමැතිය ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර තිබිණ.

Scroll to Top