කොවිඩ් අභියෝගය මැද රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම උදෙසා මහජනමිත්රශීලී වැඩසටහන් ගණනාවක් දියත් කරමින් සිටින බඩ ඉරිගු,කජු,ගම්මිරිස්,කරාබුනැටි,බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඒ පිලිබද ජනතාව දැනුවත් කිරීමට විශේෂ සජීවී ගුවන් විදුලි වැඩසටහන් මාලාවක් ඇරඹා ඇත.
රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයට ජනතා සහාය හා සහභාගීත්වය වැඩි වැඩියෙන් ලබා ගනිමින් ඔවුන්ගේ අතමිට සරු කිරීමත්, රටේ ආර්ථික සංවර්ධනය ඇතිකිරීමත් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිලිවෙල ප්‍රචලිත කිරීම ගුවන් විදුලි වැඩසටහනේ අරමුණයි.මේ අනුව කුළු බඩු ආශ්රිත වගාව ඇරඹීමේ සිට එහි අස්වැන්න අපනයනය කිරීම දක්වා අවශ්‍ය අයට ලබාදෙන ආධාර හා මගපෙන්වීම ගැන හෙට (2021.01.22) සාකච්ජා කෙරේ.
ඒ අනුව 2021.01.22,සිකුරාදා, එනම් හෙට දින එම සංවාදශීලී වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ක්‍රියාත්මක වේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්,අතිරේක අධ්යක්ෂ ජනරාල් (සංවර්ධන),J.L.K වීරලාල් මහතා සම්පත්දායක ලෙස එක්වෙයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ සතියේ සෑම සිකුරාදා දිනකම පෙරවරු 07.00 සිට පෙරවරු 08.00 දක්වා මෙම විශේෂ සුභාරතී සජීවී සංවාද මාලාව ප්‍රචාරය වේ.
එෆ්. එම් තරංගමාලා 91.7 සහ 91.9 යන තරංග මාලාවෙන් දිවයින පුරා අසන්නන්ට ඊට සවන්දිය හැකිය.අන්තර්ජාලයේ www.slbc.lk ඔස්සේ ලොව පුරා විසිරී සිටින ශ්‍රාවකයින්ටද වැඩ සටහන සජීවීව ශ්‍රවණය කල හැක.ගුවන් විදුලියේ ස්වදේශීය සේවා මුහුණු පොත ඔස්සේද වැඩසටහන සජීවීව විකාශය කෙරේ.
අසන්නන්ට එසැණ සම්බන්ධවී සම්පත් දායකයින් ප්‍රශ්න කිරීමට හා අදහස් හා යෝජනා ලබාදීමට එම සජීවී වැඩසටහන ප්‍රචාරය වන වේලාව තුල දුරකතන අංක 0112695446, 011295447 වලින් වැඩසටහනට එක්විය හැකිය.
දේශයේ සංවර්ධනය උදෙසා වන මෙම සංවර්ධන සන්නිවේදන නවමු වැඩසටහන පිළිබදව ඔබේ අනගි මාධ්‍යයෙන් (විශේෂයෙන් පුවත්පත් හා වෙබ් මාධ්‍යයෙන් ) ප්‍රචාරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.(වැඩි විස්තර- රන්සිලු වටවල මහතා ,අධ්යක්ෂ (සංවර්ධන)උක් බඩ ඉරිගු,කජු,ගම්මිරිස්,කරාබුනැටි,බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය -0714405503)