එමෙන්ම පසුගිය රජයේ කඩාකප්පල්කාරී ක්‍රියා පරිපාටිය තුළ නවතා දමා තිබූණද, ද්විභාෂා පමණක් නොව ත්‍රෛභාෂික පාසලක් වශයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය සංවර්ධනය කිරීමේ කටයුත්ත සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විසින් මේ වන විට කටයුතු සලසා ඇති බවද ප්‍රකාශ කරන ලදී.
මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්, තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දෙමින් තාක්ෂණික අධ්‍යාපනය හා සම්බන්ධ ආයතනයන් බිහි කිරීම සඳහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මූලිකත්වය ගැනීම සම්බන්ධයෙන් ද හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය බිහිකිරීමේ නායකත්වය දැරීම සම්බන්ධයෙන්ද සිය ප්‍රශංසාව එක් කරන ලදී.
මීට අමතරව මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය දස වස් පූර්ණ සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, ජාතික පාසල් අධ්යක්ෂ, තැපැල්පති, කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් ද හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති, හිටපු විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ සිසු දරුවන් ද සහභාගී වී සිටියහ.