Aboutceylon Online

විනය රකිනවා නම් හමුදාව ඇතුළට ආයෙ හමුදා පොලිස් ඒකකයක් ඕනෙද?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා මතුකළ කරුණක් සම්බන්ධයෙන් අපේ ස්ථාවරයන් ඉදිරිපත් කරන්න.

අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන් හමුදා පුහුණුව සඳහා යොමු කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළා.

විනයගරුක, නීතිගරුක, කෙළින් වැඩ කරන, ඇස් දෙක බලාගෙන කෙලින් කතාකරන, නායකත්ව ගුණාංග සහිත පිරිසක් බිහි කිරීමේ අරමුණෙන් හමුදා පුහුණුව ලබාදීමට යෝජනා කරන බව කීවා.

හමුදා පුහුණුව අනිවාර්ය කර තිඛෙන ලෝකයේ රටවල් කිහිපයක්ම අද වෙද්දිත් තියෙනවා. ඓතිහාසික තත්වයන් තුළ එවැනි රටවල් තීරණ ගෙන තිඛෙනවා. ආක්‍රමණයක් හෝ යුදමය තත්වයක් යටතේ හමුදා පුහුණුව ඒ රටවල් අනිවාර්ය කර තිඛෙනවා.

ලංකාවේ තිබුණු 30 අවුරුදු යුද්ධය තුළවත් තරුණ තරුණියන්ට හමුදා පුහුණුව සඳහා යෝජනා කළේ නෑ. මේ යෝජනාව තුළ බරපතළ දේශපාලන තත්වයක් තියෙනවා.

සමාජවාදී තරුණ සංගමය හැටියට අපි විශ්වාස කරන්නේ මේ රටේ තරුණ තරුණියන්ට අවශ්‍ය හමුදා පුහුණුවක් නොවෙයි. හමුදාමය අවශ්‍යතාවයන් වෙනුවෙන් එම ව්‍යුහයන්, නීතිපද්ධති, සහ ආචාර ධර්ම හැදිල තියෙන්නේ යුදමය වටපිටාවක් ඇතුළේ.

අපේ රටේ තරුණ තරුණියෝ හමුදාමය පුහුණුවකට සූදානම් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරන්නේ නෑ. අපේ තරුණ තරුණියන් ඇතුළු ජනතාව යොමු කරන්න ඕනෑ මිනිසෙකුට මිනිසෙකු ආදරේ කරන තැනකට.

ගැහැනියක් පිරිමියෙකුට ආදරය කරන, පිරිමියෙක් ගැහැනියකට ආදරය කරන, ගරු කරන තැනකට ගේන්න ඕනෑ. ඒ වගේම තමන් ගන්නා වගකීමට, වගකීම් සහගතව වැඩ කරන තරුණ පරපුරක් ඕනෑ කරනවා.

පරිසරය, ගහකොළ, සතාසීපාවා, ඒ සියලූ දෙනාට මිනිසුන්ට වගේම ජීවත්වීමේ අයිතියක් තියෙනවා කියන දැක්මක් සහිත තරුණ පරපුරක් ඕනෑ. ඒ වගේම රටට සැබෑ ලෙසම ආදරේ කරන තරුණ පිරිසක් ඕනෑ.

හමුදා පුහුණුවකින් එවැනි මිනිසෙකු නිර්මාණය වෙයි කියන මිථ්‍යාවේ අපි නෑ. එවැනි පුරවැසියෙක් නිර්මාණය කරන්න හැකිවෙන්නේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් ඇතුළේ. පෙරපාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සැලසුම් සහගත අධ්‍යාපනයක් ඒ වෙනුවෙන් ඕනෑ.

විවේචන ඉවසන්න හැකි, යමක් දරාගන්න හැකි පිරිසක් නිර්මාණය කරන්න ඕනෑ. එහෙම නැතිව හමුදා නිලධාරින් දාලා යුද පුහුණුවක් දුන්නා කියලා එවැනි පිරිසක් බිහිකරන්න බෑ. මේ ආණ්ඩුව පත්වෙලා අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගතවෙලා තියෙනවා.

ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට හමුදා නිලධාරියෙක් ජනාධිපතිවරයා බවට පත්වෙලා ඉන්නවා. විශ්‍රාමික හමුදා නිලධාරින් ඇතුළු හමුදා පිරිස් රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයකට සම්බන්ධ කර ඉන්නවා.

මේ වන විටත් පත්වීම් කරමින් තිඛෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති රියල් අද්මිරාල් සරත් වීරසේකර කොවිඩ් මර්දන බළකායේ ප්‍රධානී, යුදහමුදාපතිවරයා. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති, මේජර් ජනරාල් ශාන්ත දිසානායක මෙතුමා පිටකොටුවේ හාල් වෙළඳුන්ට කතා කළ හැටි ඔබට මතක ඇති.

එතනදි සද්දෙ දාලා ඩඩ්ලි සිරිසේන මහත්තයා හම්බවෙලා හාල් මිලට මොකද කළේ කියලා ඔබ දන්නවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ. ජනාධිපතිවරයාත් ජාතික රෝහලට ගිහින් සෞඛ්‍ය පද්ධතිය නිවැරදි තැනකට ගේන්න ඕන කියලා සද්දයක් දාලා ආවා.

මේ ලේකම්වරයෙකුත්  දාලා අද සෞඛ්‍ය පද්ධතිය නැගලා යනවද කියලා බලාගන්න පුළුවන්.

අපේ අම්ම තාත්තට පෝලිමක්, රස්තියාදුවක් නැතිව ඛෙහෙත් ගන්න පුළුවන්ද කියලා ඔබ දන්නවා.

වනජීවී අලි වැටවල් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. අද වෙනකොට අක්කර ලක්ෂ හතකට වඩා වැඩි ප්‍රමාණයක් කැලෑ එළිකරලා. ලංකාවේ හැමපැත්තෙන්ම ඩෝසර් දාලා ස්වභාවික පරිසර පද්ධතිය විනාශ කරනවා.

විනයක් සහිත නායකත්වයක් තියෙන මුහුණ බලාගෙන වැඩ කරන්න පුළුවන් කියන මේ අයට ඒව නතර කරන්න පුළුවන් වෙලා තියෙනවාද? වරාය අධිකාරියේ සභාපති වගේම අධ්‍යක්ෂ මණ්ඩලයටත් විශ්‍රාමික හමුදා නිලධාරීන් පත්කරලා.

මේ ආදී වශයෙන් රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයකට හමුදා පුහුණුව ලබපු පිරිසක් දාලා අවුරුද්දක් වෙලා තියෙනවා. ඒ ආයතන ඇතුළෙත් විනය හැදිලා ඉතා හොඳින් වැඩකටයුතු කරගෙන යනවාද? ඒ ආයතනවලින් සිද්ධ වෙන්න ඕනෑ මහජන සේවාවන් ඉතා හොඳින් කරගෙන යනවාද කියලා අපි ප්‍රශ්න කරනවා.

සරත් වීරසේකර අමාත්‍යවරයා පළාත් සභා සම්බන්ධයෙන් විශාල සංවාදයක් කරපු කෙනෙක්. ඉන්දියාවට යටවෙල් තියෙන ආණ්ඩුවක් නිසා පළාත් සභා මැතිවරණයක් අනිවාර්යයෙන්ම පවත්වන බව අපි දන්නවා.

යුද පුහුණුව ලබපු සරත් වීරසේකර ඇමතිවරයාගේ කෙලින් වැඩ කරන නායකත්ව ගුණාංග එහිදී අපට බලාගන්න පුළුවන් වෙයි.

හමුදා මානසිකත්වයෙන් ආණ්ඩුව ඇතුළේ ඉන්න ඇමතිවරුම විශාල පීඩනයක ඉන්නේ. ඒ අතර ඔවුන්ගේ කැබිනට් එකේවත් ඒකාග්‍රතාවය තියාගන්න බැරිවෙලා. පහුගිය කාලේ විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව දුන් පාසල්වල විනය හැදිලාද කියලා අපි අහනවා.

ඒ වගේම අද කි්‍රයාත්මක වන සංවිධාන අපරාධ බොහොමයකට හමුදා පුහුණුව ලබපු පිරිස් සම්බන්ධ වෙලා තිඛෙනවා. අනික් පැත්තෙන් හමුදාව ඇතුළේම යුද හමුදා පොලිස්  ඒකකයක් තියෙන්නේ ඇයි? විනය රකිනවා නම් හමුදාව ඇතුළට ආයෙ හමුදා පොලිස් ඒකකයක් ඕනෙ නෑනේ.

ඒ හදන විනයම ඒක ඇතුළෙම කඩන නිසයි හමුදා පොලිස් ඒකකයක් ඕනවෙලා තියෙන්නේ. ලෝකයේ රටවල්වල හමුදාවට වෙනම කාර්යභාරයක් තියෙනවා.

පොලිසියට වෙනම කාර්යභාරයක් තියෙනවා. සිවිල් කටයුතු කරන්නේ පොලිසිය. හමුදාව යොදවන්නේ විශේෂ මෙහෙයුම් සහ විශේෂ අවශ්‍යතා වෙනුවෙන්.

යුදමය මානසිකත්වයෙන් හැමදෙයක්ම කල්පනා කිරීම නිසා ජනාධිපතිවරයාට කරන්න තිබුණු සමහර කටයුතු පවා කරගන්න බැරිවෙලා. ඒ නිසා රටත් අර්බුදයට ගිහිල්ලා.

ජනාධිපතිවරයා හමුදා විනය ලබපු කෙනෙක් වෙලත් අඩුම තරමෙන් තමන්ගේ නමේ කොටසක් කියන කොට ඉවසගන්න බැරි තත්වයක ඉන්නේ. නන්දසේන ගෝඨාභය කීව කියලා කේන්ති අරගෙන දඟලපු දැඟලිල්ල කවුරුත් දැක්කා.

හමුදාවේ ඉවසීම කෝ… විනයගරුක, නීතිගරුක කෙනෙක් ද රටේ ජනාධිපති වෙලා තියෙන්නේ. නීතිය රකින මිනිස්සු නම් නඩුවලින් පුද්ගලයන් තරගයට නිදහස් වෙන්නේ කොහොමද? රටේ ජනාධිපතිතුමාත්, හමුදාපති තුමාත් උපදෙස් ගන්නේ ඥානක්කාගෙන්. ප්‍රධාන උපදේශිකාව ඥානක්කා.

හමුදා පුහුණුව ඇතුළේ තියෙන්නේ ඔය මිථ්‍යා විශ්වාසයන් ද? එවැනි නායකයන්ද නිර්මාණය කරන්න යන්නේ. සමහර නායකයන් සහ මාධ්‍ය එකතුවෙලා රට තුළ මතයක් නිර්මාණය කළා. එයින් දේශපාලන බලය අරගෙන මොනවද කරන්නේ කියලා අපි දන්නවා.

නාගරික සංවර්ධන අධිකාරියේ උද්‍යාන හැදුවා කියලා ඒ අත්දැකීමෙන් රට ගොඩනගයි කියලා සමහර මිනිස්සු හිතුවා. රට හදනවා කියන්නේ ඒවගේ සරල කාරණයක් නොවෙයි කියලා මිනිස්සු තේරුම් ගනිමින් ඉන්නවා. අඩුම ගානේ මහපාරේ යනකොට තියෙන්න ඕන පොඩි විනයවත් මේ වන තුරු ගොඩනගලා නෑ.

රටේ සම්පත් විකුණන්නේ නෑ කියලා කියන ජනාධිපතිවරයා ජාත්‍යන්තර බලපෑම්වලට යටවෙලා. ඉන්දියාව ඉදිරියේ දණ ගහලා නැගෙනහිර ජැටිය දෙන්න යනවා.

විදේශ රැකියාවලට ගිය අපේ සහෝදර සහෝදරියන්, අම්ම, තාත්තලා මේ රටට එන්න බැරිව ඉන්නවා. මේ වගේ ඇත්ත වෙනුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ කටයුතු කරන්නේ මොන ආකාරයට ද?

ජනාධිපතිවරයා මේ වන විට රාජ්‍ය ආයතනවලට හමුදා නිලධාරීන් පත්කිරීමෙන් හමුදාවත් අගෞරවයට පත්කරලා. මේ ගෙනයන වැඩපිළිවෙළ අසාර්ථක බව ඔප්පු වෙලා තියෙනවා.

ඒ නිසා මේ රටේ තරුණ තරුණියන්ට හමුදා පුහුණුවක් ලබාදීම ගැන අපි අපේ විරෝධය පළ කරනවා. රටේ විනය ඇති කිරීමට ආදර්ශයන් ප්‍රමුඛ විද්‍යාත්මක වැඩපිළිවෙළක් ඕනෑ. ඒ වෙනුවෙන් විද්‍යාත්මක දේශපාලනික සංස්කෘතික වැඩපිළිවෙළක් ගේන්න ඕනෑ.

නායකත්වයේ සිට පහළ දක්වා ඊට ආදර්ශයක් දෙන්න ඕනෑ.  මේ බව ඉතා හොඳින් තේරුම් ගන්න කියලා රටේ ජනතාවට අවධාරණය කරනවා.

ඇත්ත ප්‍රශ්න යට යවන්න මේ වගේ විවිධ මාතෘකා ගෙන එන බව අපි තේරුම් අරන් ඉන්නවා.

ආණ්ඩුවේ විවිධ ප්‍රචාරයන්ට හසු නොවී මේ ආකාරයට කි්‍රයාත්මක කරන් යන වැඩපිළිවෙළවල් පරාජයට පත්කරන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම අපි කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

ඉන්දියාව ඉස්සරහා දණ ගහලා නැගෙනහිර ජැටිය දෙනවා කියන්නේ  ඊට පස්සේ ති්‍රකුණාමලයේ තෙල් ටැංකි ටික ඉල්ලූවත් දෙන්න වෙනවා.

ජාත්‍යන්තරය ඉස්සරහා දණ ගහලා ගෙනයන මේ පාලනය අපි කිසිිසේත් අනුමත කරන්නේ නෑ. එය පරාජයට පත් කළ යුතුයි. මිලිටරිමය මැදිහත්වීමකින් මේ රට ගොඩනගන්න බැහැ. ඒ වෙනුවෙන් ගොඩනගපු ්‍ය4 වගේ වැඩපිළිවෙළවල් තියෙනවා. ඒවා පැත්තකට දාලා හමුදාව යෙදවීමෙන් අනෙක් ආයතන වගේම හමුදාවේ පද්ධති බිඳවැටෙමින් තිඛෙනවා. කොවිඩ් පැතිරීමෙන් පවා තහවුරුවී තිඛෙන්නේ ඒ බව.

අපි මේ කතා කරන්නේ වෙඩි තියන්න පුහුණුව දෙනවද නැද්ද කියන එක නොවෙයි. සෙල්ලම් තුවක්කු පාවිච්චි කරනවාද කැටපෝල පාවිච්චි කරනවාද කියන එකත් නොවෙයි.

අපේ රටේ තරුණ තරුණියන්ගේ විනය හදන්න මිලිටරි මැදිහත්වීම මොකටද කියන එකයි අපි ප්‍රශ්න කරන්නේ.

යුදමය පුහුණුවක් ලබපු විශාල පිරිසක් රාජ්‍ය ආයතනවලට යොදවලා ලැබිල තියෙන පිළිතරු මොනවාද කියලයි ප්‍රශ්න කරන්නේ. වංචා – දූෂණ නතරවෙලාද තියෙන්නේ.

එහෙම නැත්නම් ඍජු නායකත්වය කෝ. අපි ප්‍රශ්න කරන්නේ මිනිසුන් රැවටුණු මෙන්න මේ යුදමය මානසිකත්වය ගැනයි.

මිලිටරි කරනයෙන් මේ රට ගොඩනගන්න බැහැ කියන එකයි අපි කියන්නේ. පිහියක් තිබුණා කියලා හැමදේකටම පාවිච්චි කරන්නේ නෑ. පිහියෙන් කෑම කන්නේ නෑනේ. ඒ ඒ උපකරණ ඒ ඒ දේවල්වලට තියන්න.

රට හදනවා කියන්නේ ජනතාව සම්බන්ධ කරගත් වෙනම කාර්යභාරයක්. රටේ තරුණ පරපුරටත් ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් තියෙනවා.

මේ සදහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික, ජාත්‍යන්තර කටයුතු ලේකම්, අංජන සම්පත් අමරසිංහ හා කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්තී්‍රනි,  නිල්මිණි ගැර්ලැක්  යන අය සහභාගි විය.

Scroll to Top