Aboutceylon Online

ගුවන් තොටුපොළ විවෘත වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මාස 10කට ආසන්න කාලයක් වසා දැමුණු ගුවන් තොටුපොළ  යළි සංචාරකයින් සඳහා විවෘත කරයි.

සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සංචාරකයින්ට දිවයිනට පැමිණිමට අද සිට අවස්ථාව හිමිවන බව ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කළේය.

ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමග දිවයිනට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් විශේෂිත සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාශයට පත්කර ඇති අතර සංචාරකයින් හරහා කොවිඩ් රට තුළට පැමිණීම වළක්වාලීම සඳහා ආරක්ෂිත ක්‍රමවේද රැසක් හඳුන්වා දී තිබේ.



සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ පැමිණෙන සංචාරකයින් සහ මෙරට ජනතාව කිසි ලෙසකින් හෝ එක්වීමක් නොවන අයුරින් මෙම කටයුතු සිදු කෙරෙන බවයි.

ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් රැගත් පළමු ගුවන් යානය කටාර් රාජ්‍යයේ සිට අනිද්දා අළුයම 02යි 15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා වීමට නියමිත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

Scroll to Top