ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 197කි.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 165 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54 ක් ලෙස වාර්තා වී තිබේ.
ඊයේ දිනයේදි මෙරටින් නව කොරෝනා ආසාදිත පුද්ගලයින් 674 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 53,750ක් වන අතර සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 45,820කි.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 270ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දෙසැම්බර් 21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ නොපළඳින ලද පුද්ගලයින් ජනවාරි 5 වන දින සිට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර පුද්ගලයින් 2,807 දෙනෙක් අතරින් 50 දෙනෙක් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මීට අතරව මාළු ලෑලි ආශ්‍රිතව පුද්ගලයනින් 661 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සිදුකර තිදෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
පොළ සහ පදික වෙළෙඳුන් ආශ්‍රිතව පුද්ගලයින් 1,146 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමුකර ඉන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.
මීට අමතරව කොළඹ කොටුව හා ගාලුමුවදොර ප්‍රදේශවල සිදුකළ අහඹු ලෙස පුද්ගලයින් 385 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමුකර එයින් 18ක් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.