එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක පරාජයකට ලක්වීමේ අවදානමක සිටි ශ්‍රී ලංකා පිළ එම අවදානමෙන් බේරා ගැනීමට ලහිරු තිරිමාන්න සමත්වුණා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන්අ වශ්යම මොහොතේ ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් විශිෂ්ඨ ශතකයක් රැස්කර ගනිමින්.
පන්දු 251 කදී වාර්තා වූ ඔහු ලකුණු 111 ක් රැස්කළ අතර ඊට හතරේ පහර 12 ක් ඇතුළත්.
එය තිරිමාන්නගේ දෙවන ටෙස්ට් ශතකයයි.
ශ්‍රී ලංකා දෙවන ඉනිම සියලු දෙනා දැවී ලකුණු 359කට සීමාවිය.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 71ක් රැස් කළේය.
ඒ අනුව එංගලන්ත කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 74ක ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම ඊයේ (17) දිනය නිමාවන විට කඩුලු 03ක් දැවී ලකුණු 38ක් ලබා සිටියේ ය.