අමෙරිකාවේ ප්රාන්ත පනහේම ආරක්ෂාව තර කර තිබෙනවා.
එළඹෙන 20 වනදාට යෙදී ඇති අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඞ්න්ගේ දිව්රුම් දීමේ උත්සවයට සමගාමීව රටපුරා විරෝධතා හා කලහකාරී තත්ත්වයන් ඇතිවිය හැකි බවට FBI නිලධාරීන් අනතුරු අගවා තිබෙනවා.
ඒ අනුව ප්රාන්ත සියල්ලේම ආරක්ෂාවට හමුදාව යොදවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරයි.
ඉකුත් 06 වනදාද, ට්රම්ප් පාක්ෂිකයින් විසින් වොෂිංටන් අගනුවර පුරා විරෝධතා දියත් කළ අතර එහිදී හටගත් කලහකාරී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගියේ අමෙරිකානු ඉතිහාසයට කළු පැල්ලමක් ද එක් කරමින්.
එවැනි තත්ත්වයක් යළිත් ඇතිවීම වළක්වා ගැනීමටයි මෙලෙස අගනුවර ප්රධාන සියලූ ප්රාන්තවල ආරක්ෂාව තර කර ඇත්තේ.