අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේසිව්වෙනි සංවත්සරය සමරමින් පැවති හෝමාගම තරුණ සමුළුවේදී සිය අදහස් දක්වමිනි.
එහිදී රටේ වත්මන් තත්වයට තරුණ ප්‍රජාව සූදානම් කිරීමටත්,වසංගත තත්වය හමුවේ විරැකියාව උත්සන්න වීම වෙනුවට නව රැකියා අවස්ථා බිහි කරමින් ස්වයංපෝෂිත ආර්ථික රටාවකට සමස්ත මහජනයා හුරු කිරීමට වත්මන් රජය මඟින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳව අමාත්‍යවරයා අදහස් දක්වන ලදී.
එමෙන්ම පැවති යහපාලන රජයේ අදූරදර්ශී ක්‍රියා පටිපාටිය පිළිබඳවත් පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනුවත් වී සිටියද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් නිරායුධ අහිංසක ජීවිත රැසක් දැයට අහිමි වී ගිය අයුරු සිහිපත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වත්මන් වසංගත තත්වය හේතුවෙන් ලොව පුරා දිනකට ජීවිත දහස් ගණනින් අහිමි වෙද්දී අතිගරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමා ප්රමුඛ පත්මන් රජයේ පළමු වගකීම ලෙස පුරවැසි ජීවිත සුරක්ෂිත කරළීමේ වගකීම මැනවින් ඉටු කිරීමට සියළු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අමාත්‍යවරයෙකු වශයෙන් පමණක් නොව පුරවැසියෙකු ලෙස ද මහජනතාවගේ නියෝජිතයෙකු ලෙසද ජාතික වගකීමක් ඉටු කිරීමට තමා දිවිහිමියෙන් කටයුතු කරන බවත්, යහපාලන රජය විසින් විනාශ කරන ලද ආර්ථිකය ගොඩනැඟීමේ මහඟු කර්තව්‍යය වෙනුවෙන් තරුණ ප්‍රජාවගේ ව්‍යවසායකත්ව හැකියාවන් යොදා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය හරහා මෙන්ම අනෙකුත් අමාත්‍යාංශ ද ඒකාබද්ධව විවිධ ව්‍යාපෘතීන් මේ වන විට දියත් කර ඇති බවයි.