Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් සඳහා බදවා ගැනීම් යළිත්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් සඳහා බඳවා ගැනීම් මේ මාසයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සඳහන් කළේ , වසර 05 කට අධික කාලයක් මෙම විශ්‍රාම ක්‍රමයට බඳවා ගැනීම් අත්හිටුවා තිබූ බවයි.

මේ හේතුවෙන් ගොවි හා ධීවර ජනතාව දැඩි පීඩාවට පත්ව සිටි බව ද ඔහු පෙන්වා දෙයි.

ධීවර විශ්‍රාම වැටුප් සඳහා ධීවර දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.



Scroll to Top