ලොව විශාලතම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද (16) දිනයේ සිට ඉන්දියාවේ ආරම්භ විය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද දින වීඩියෝ සම්මන්ත්රණ මගින් අමතමින් සමස්ත ඉන්දීය COVID-19 එන්නත් කිරීමේ මෙහෙයුම දියත් කරන ලදී.
එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර යටතේ කෝටියක සෞඛ්‍ය සේවකයින් හා හදිසි අංශ ඉලක්ක වී තිබේ.
ඉන් අනතුරුව පොලීසිය, ආරක්ෂක අංශ, නගරසභා සේවකයින් හා තවත් ඉදිරිපෙළ සේවකයින් වෙත එන්නත ලබාදීමට ඉන්දීය රජය සැළසුම් කර ඇත.
එහිදී මිලියන 30ක පමණ පිරිසක් ඉලක්ක කර එන්නත් කිරීමේ මෙහෙයුම ක්‍රියාවට නංවනු ඇත.