ටෙස්ට් ක්‍රිකට් තරගවල අඛණ්ඩව සිව්වෙනි වරටත් ලකුණු නොලබා දැවී ගිය ශ්‍රී ලංකාවේ 3වන පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් පත්විය.
එංගලන්තය සමග ගාල්ලේදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 135කට දැවී ගියේය.
නිත්‍ය ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දරනු ලැබේ.
ලකුණු 29ක් ලබාගත් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත්විය.
පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 127කි.
සිය 50 වැනි අර්ධ ශතකය වාර්තා කළ නායක ජෝ රූට් ලකුණු 66ක් සහ ජොනී බෙයාර්ස්ටව් ලකුණු 47ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටී.
රූට් සහ බෙයාර්ස්ටව් අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගී ඇති සබඳතාවය මේ වනවිට ලකුණු 110කි.