Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෝක හින්දි දිනය ශ්‍රී ලංකාවේදී සැමරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය  ලෝක හින්දි දිනය නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් සහ තරඟ රැසක් සංවිධානය කර තිබිණ.

මෙම සියලු වැඩසටහන්හි අරමුණ වූයේ හින්දි භාෂාව ප්‍රචලිත කිරීම සහ ශ්‍රී ලංකාවේ සිටින හින්දි භාෂාව පිළිබඳව උනන්දුවක් දක්වන්නට සිය සාහිත්‍යමය සහ භාෂාමය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබා දීමයි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙම වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබිණ.

හින්දි වීඩියෝ පණිවිඩ තරඟය, හින්දි කතාන්දර කීමේ තරඟය සහ හින්දි කවි ගායනා තරඟය වැනි තරඟ දිවයිනේ සෑම ප්‍රදේශයකම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහභාගී විය හැකි ලෙස 2020 දෙසැම්බර් මස සිට අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබිණ.

දිස්ත්‍රික්ක රැසක් නියෝජනය කරමින් පාසල්, විශ්ව විද්‍යාල සහ වෙනත් ආයතන වල තරඟකරුවන් 317ක් මෙම තරඟ සඳහා සහභාගී විය. නිලධාරීන් සහ හින්දි කථා කරන වෙනත් අයවලුන් සඳහා තරඟ රැසක් ද අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබිණ.

ලෝක හින්දි දිනය සමරමින් දිවයින පුරා වෙසෙන හින්දි භාෂා ප්‍රේමීන් විසින් අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ ඉදිරිපත් කිරීම් දවස පුරා ඉදිරිපත් කරන ලදී. ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයේ සමකාලීන ඉන්දීය අධ්‍යයන අංශය හා එක්ව 2021 ජනවාරි 12 වන දින “හින්දි භාෂා සහ සාහිත්‍යයේ නව ප්‍රවණතා : ගෝලීය දෘෂ්ටිකෝණයක්” යන මැයෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබිණ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියවස් ගණනාවක් පැරණි ආගමික, සංස්කෘතික, භාෂාමය සහ සාහිත්‍යමය සබඳතා ශක්තිමත් කිරීමෙහිලා හින්දි භාෂාවේ සහ සාහිත්‍යයේ කාර්යභාරය මෙම අන්තර්ජාල සම්මන්ත්‍රණයේ තේමාව වේ.

Scroll to Top