කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වවුනියාව නගර සීමාවේ වසා දමා තිබෙන මාර්ග ඉදිරි දින 12ක කාලය තුළත් තවදුරටත් හුදකලා කිරීමට වවුනියාව දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කළ බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස්.එම් සමන් බන්දුලසේන පවසනවා.
යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව මුණ්ඩිමුරුප්පුව යුද හමුදා කඳවුර, වවුනියාව තාන්ඩිකුලම මංසන්ධිය, යාපනය ත්‍රිකුණාමලය මාර්ගයේ වවුනියාව මාමඩුව මංසන්ධිය හා වවුනියාව මන්නාරම මාර්ගයේ නෙළුක්කුලම මංසන්ධිය යනාදි ස්ථානයන්ගෙන් නගරයට පිවිසෙන ජනතාව සීමා කිරීමට කොවිඩ් මාර්දන කමිටුවේදී තීරණය කර ඇත.
ඉදිරි දින 12 කාලයේදී වවුනියාව නගරයේ පිහිටි වෙළඳසැල් හා බැංකු මෙන්ම පෞද්ගලික ආයතන වසා දමන බවත්, රාජ්‍ය ආයතන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ.