ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අද දින තර්ස්ටන් විද්‍යාලයීය 71 වැනි සංවත්සරය සමරමින් එහි පැරණිතම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අමතමිනි.
පුරා වසර 30ක් මුළුල්ලේ දුක් වේදනා විඳිමින් ජීවත්වූ අප රටේ ජනතාව වෙනුවෙන් මෙන්ම ගොඩබිම පමණක් නොව රට වටා මුහුද පවා අහිමි වීමේ අවදානමකට ලක්ව සිටි යුගයක්, තීරණාත්මක පැයක් තුළදී නිර්භීතව හා ආපසු හැරීමකින් තොරව සමස්ත ලාංකීය ජනතාව බේරා ගැනීම සඳහා අණ දිය හැකි වූ ලංකා ඉතිහාසයේ එකම නායකයා වූ හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන් බිහි කිරීමේ ගෞරවය තර්ස්ටන් විද්‍යාලයට හිමි වූ විශාලතම ගෞරවය වශයෙන් හැඳින්විය හැකි බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම විභාගය සමත් ජීවිතය අසමත් දරුවන් වෙනුවට විභාගය සමත් ජීවිතයද සමත් දරුවන් බිහිකිරීමෙහිලා මහඟු සේවයක් ඉටු කරන ලද තර්ස්ටන් විද්‍යාලයීය ආදී විද්‍යාර්ථී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා වෙත ද සිය ප්‍රශංසාව පළ කරන ලද අමාත්‍යවරයා තර්ස්ටන් විද්‍යාලයේ මීළඟ ජයග්‍රහණය වශයෙන් තාක්ෂණික විෂය ධාරාව හැදෑරීම සඳහා සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු බවද ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතා විසින් මහපොළ භාරකාර අරමුදල් මණ්ඩලය යටතේ ඉදි කරනු ලැබූ ගොඩනැගිල්ල ද පිළිසකර කර යළිත් සිසු අයිතියට පත් කිරීම සඳහා මහපොළ භාරකාර අමාත්‍යවරයා වශයෙන් තමා කටයුතු කරනු ලබන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ අතර යහපාලන ආණ්ඩුවේ පළිගැනීම් වලට ලක්ව පැවති තර්ස්ටන් විද්‍යාලය යළි ගොඩගැනීමේ මහඟු කර්තව්‍යය සඳහා සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද, ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු විද්වත් පිරිසක් ද, තර්ස්ටන් විද්‍යාලයීය විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයත්, ආදි ශිෂ්‍යයන්, දෙමාපියන් හා සිසු දරුවන් සහභාගී වී සිටියහ.