ඊයේ (11) දිනයේ දී තවත් කොවිඩ් මරණ 08 ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා නිවේදනය කළේය.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 240 ක් වේ.
ඊයේ දිනයේ දී හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 568 කි.
දිගින් දිගටම වැඩිම ආසාදිතයින් පිරිස වාර්තාවූ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වී ඇත්තේ, ආසාදිතයින් 37 දෙනෙකු පමණි.
මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48,949 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් 6626 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42,091 කි.