2019 දෙසැම්බර් 01 වන දින වත්මන් ආණ්ඩුව මේ රටේ ඉහළම ධන කුවේරයින්ට ලබාදුන් අවිද්‍යාත්මක බදු ප්‍රතිපත්තියේ ස්වරූපය නිසා රටේ ආර්ථිකය අද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවත්, එම අර්බුදය කෝව්ඩ් වසංගතය මත පටවා ඉන් ගැලවීමට වත්මන් ආණ්ඩුව උත්සහ කරමින් සිටින බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
විශේෂයෙන්ම මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වලට අන්තර්ජාතික ආයතන හා මූල්‍ය ආයතන අපේ රටේ ණය ගෙවීමේ හැකියාව අන්තර්ජාතිකව ප්‍රශ්න කර තිබෙන බවත්, ආණ්ඩුවේ සුරංගනා කතා වලින් තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා, රටේ වත්මන් තත්ත්වයට හේතු වූ හෝ බදු සහන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පාදක කරගත් විද්‍යාත්මක විශ්ලේෂණයක් ඇත්නම් එය රටේ මූල්‍ය තත්ත්වයට වග කියන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් බවද අවධාරණය කර සිටී.
පාර්ලිමේන්තුවේ පැවති සිය කතාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් මා විමසා සිටියා, 2019 දෙසැම්බර් 01 වන දා මේ රටේ ඉහළම ධන කුවේරයින්ට ලබාදීපු බදු සහනය නිසා රටට ආණ්ඩුවට අහිමිවෙච්ච ධනය කොච්චරද කියල. 2019 සහ 2020 සංසන්දනය කරල බැලුවහම ආසන්නයෙන් රාජ්‍ය බදු ආදායමෙන් 30% ක් අහිමි කරගෙන තියෙනවා මේ රජය ධනපතියන්ට ලබාදීපු බදු සහනය විසින්.
එතුමාගේ සංඛ්‍ය ලේඛන අනුව 2018 දෙසැම්බර් 01 වන දා සිට 2019 සැප්තැම්බර් 30 දක්වා ඒ කියන්නේ අපේ පාලන කාලය තුළ රුපියල් බිලියන 1273 ක් වෙච්ච බදු ආදායම 2019 දෙසැම්බර් 01 වනදා ගත්ත බදු සහන ප්‍රතිපත්තිය නිසා 2020 සැප්තැම්බර් 30 වන විට බිලියන 894 දක්වා අඩුවෙලා තියෙනවා.
අද මේ රට විදේශ ශ්‍රේණිගත කිරීම් වලින් පහළට යන්නෙ. සියලුම අන්තර්ජාතික ආයතන අපේ රටේ ණය ගෙවීමේ හැකියාව ප්‍රශ්න කරල තියෙන්නේ. අපට රාජ්‍ය මූල්‍ය විධිමත්ව පාලනය කිරීමට හැකියාවක් නැහැය කියන පදනම මත ඉඳගෙන.
ඒ නිසා මොන පදනමක් මත, මොන විද්‍යාත්මක විශ්ලේෂණයක් මත පදනම් වෙලාද ධනපතියන්ට බදු සහන ලබාදීල, සාමාන්‍ය ජනයාට ඒ සහනය ලබා නුදුන්නේ. ඒ තුළින් ඇතිකරගත් අර්බුදය කොච්චරද කියන එක අද අපට ඉතාම පැහැදිළියි.
විශේෂයෙන්ම විවිධ ආයතන ශ්‍රේණිගත කිරීම්වලට තියෙන, SNP, ඒ වගේම පිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය, ඒ වගේම වෙනත් මූල්‍ය ආයතන JP මෝගන්, City Group මේ හැම කෙනාම අද අපේ රටේ ණය ගෙවීමේ හැකියාව අන්තර්ජාතිකව ප්‍රශ්න කරල තියෙනවා. ඒ නිසා සුරංගනා කතා වලින් අපට තවදුරටත් ඉදිරියට යන්න බෑ.
මේ තත්ත්වයට රට පත්කරපු වාර්තාවක් ඇත්නම්, විද්‍යාත්මක විශ්ලේෂණයක් ඇත්නම් රටේ මූළ්‍ය තත්ත්වයට වග කියන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් කියන එක මම අවධාරණය කරනවා.
අද අපට පේනවා විශේෂයෙන්ම 2020 වර්ධන වේගය ගැන. කාර්තු තුනක වර්ධන වේගය නිකුත් වෙලා තියෙනවා. ඒකට අනුව 2020 වර්ධන වේගය -5.3 යි.
ඒ වර්ධන කාර්තු තුනේම වර්ධනය ගත්තහම. ඊළඟ කාර්තුවෙත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ අවසාන කාර්තුවේ. අපිට බලාපොරොත්තු වෙන්න බෑ විධිමත් ධන ආර්ථික වර්ධනයක්. ඒ අනුව කොහොමද මහ බැංකුව කියන්නේ මේ රටේ 2020 -3.9 ක ආර්ථික වර්ධනයක් තියෙනව කියල. මොකක්ද මේ කරන සංඛ්‍යා ලේඛන බොරුව ? මේ මඟින් කුමක්ද සිදු වෙමින් තියෙන්නේ ?
කෝවිඩ් එක ඇති වුණාට පස්සෙ අන්තර්ජාතික ආයතන, විශේෂයෙන්ම අන්තර්ජාතික අරමුදල අපට තියෙන හැකියාව අනුව අපට ඩොලර් මිලියන 800 ක් උරුම වෙලා තිබුණා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක් ලැබෙන්න තිබුණා. ඒ වගේම ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 500 ක් ගන්න තිබුණා. මේ එක ආයතනයකින්වත් අපිට මේ මුදල ලැබුණෙ නෑ, නමුත් අපේ අවට කලාපයේ රටවල් වලට ඉන්දියාවට, පකිස්තානයට, බංග්ලාදේශයට, මාලදිවයිනට මේ ආධාර ලබාගන්න තිබුණා.
ඇයි මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලැබෙන්න තිබුණු මේ ඩොලර් මිලියන 1800 අපට නොලැබිලා ගිහිල්ල, අද අපි මූල්‍ය හුවමාරුව යටතේ කෙටිකාලීන ණය ලබාගැනීමට ඇයි අපි ඉන්දියාවටත් චීනෙටත් යන්නේ ? මොනවද ඒ Currency Swap එකේ ප්‍රතිපත්ති ? මොනවද ලබාදීල තියෙන කොන්දේසි ? ඒවා මේ පාර්ලිමේන්තුවට හෙළිදරව් කිරීම අනිවාර්යෙන්ම මේ ආණ්ඩුවේ වගකීමක්. එහෙම නැතිව අපිට මේ currency swap එකක් තියෙනව මේ ප්‍රශ්න විසඳන්න කියල කීම පිළිතුරක් වෙන්නේ නෑ.
අපිට මේ විදේශ ආයතනවලින් කෝවිඩ් එක නිසා ලැබිය යුතු ධනය නොලැබීමට ප්‍රධාන හේතුව මේ ලබාදීපු බදු සහනය රාජ්‍ය මූල්‍ය බිඳදමාගෙන තිබීම. කෝවිඩ් එක නැතුවත් රජයේ මූල්‍ය තත්ත්වයේ දුර්වලතාවය, ණය ආපසු ගෙවීමේ නොහැකියාව ජාත්‍යන්තර වශයෙන් ස්ථාපිත වෙච්ච නිසා තමයි අපට ඒ අන්තර්ජාතික වශයෙන් ලැබෙන්න තිබුණු සහනදායී මුදල් නොලැබී තියෙන්නේ.
නැත්නම් කෝවිඩ් එක නිසානම් අපේ ආර්ථිකය කඩා වැටුණෙ ඉන්දියාවට ලැබුණු දේ, පකිස්තානයට ලැබුණු දේ බංගලිදේශයට ලැබුණු දේ අපට නොලැබී යන්න හේතුවක් නෑ. ඒ නිසා කෝවිඩ් එක පිටින් දැන් ගැලවෙන්න බෑ, ඊට කලින් ගත්ත අවිද්‍යාත්මක බදු ප්‍රතිපත්තියේ ස්වරූපය නිසා තමයි අද මේ තත්ත්වයට ඇදල වැටිල තියෙන්නෙ කියන එක ප්‍රකාශ කරන්න ඕන.
ඒ වගේම රාජ්‍ය බැංකුවලින් අද අසීමාන්තිකව ලබාගෙන තියෙන ණය නිසා විශේෂයෙන්ම රටේ ප්‍රදාන බැංකුව වන ලංකා බැංකුව රජයට ලබාදෙන ණය වැටුප් ගෙවන්න ගන්න ණය ප්‍රමාණය අද බිලියන 300 යි. ඒ වගේම මහා මාර්ග ක්ෂේත්රයට ජල සම්පාදන ක්ෂේත්රයට බිලියන 285 යි. ඒ වගේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නොගෙවල තියෙන බිල ඩොලර් බිලියන 1.6 යි.
ඛනිජ තෙල් සංස්ථාව ගැනත් කියන්න ඕන, අද බදු අරන් තියෙනවා මාසෙකට රුපියල් මිලියන 5000 ගාණෙ අරගෙන තියෙනවා ඛනිජ තෙල් සංස්ථාව එක්ස්සයිස් බද්ධ.
මේකෙ මොකක්ද තේරුම ? සෑම වාහන හිමියෙක්ම මාසෙකට රුපියල් 1000 ක කප්පමක් ආණ්ඩුට ගෙවනවා මේ රටේ මිනිස්සු අද මේ එක්සයිස් බද්ධ හරහා. මේක තමයි ජනතාව සූරං කන තැන. ධනපතියන්ට බදු සහන දුන්නට සාමාන්‍ය ජනයාගේ ආහාරවලටවත්, සාමාන්‍ය ජනයාගේ ප්රවාහනයටවත් ලබාදීල නෑ,
ඒ වගේම අවසාන වශයෙන් මම කියනවා, මේ විදියට තමයි පකිස්ථානෙත් පටන් ගත්තේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල එපා, අන්තර්ජාතික ආයතන එපා, අපි මේව විසඳගන්නව කියල. නමුත් අවසානයේ අද ඒ අයටත් යන්න සිද්ධ වෙලා තියෙනවා ඒ ආයතන පිටිපස්සෙ ගිය අවුරුද්දෙ ඉඳන්.
ඒ නිසා විධිමත් මූල්‍ය ප්‍රතිපත්තියක් ඇති කර නොගත්තොත් මේ වසර, ඉදිරි වසරවල ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වතාවට වසර 70 කට පස්සෙ බංකොලොත්භාවය අත්පත් කරගන්න නියමිතයි. ඒක ආණ්ඩුවකට පොදු කාරණයක්, විපක්ෂයට පොදු කාරණයක් නෙමෙයි.
මේ සමස්ත ජාතියටම කාලාන්තරයක් යනතෙක් වන්දි ගෙවන්න වෙන තත්ත්වයක් වන නිසා මේ පිළිබඳව බුද්ධිමත්ව, විධිමත්ව වැදගත් තොරතුරු, සත්‍ය තොරතුරු රටට කියල ක්‍රියාකරමු කියල යෝජනාව මම ආණ්ඩුවට කරනවා.
පාඨලී චම්පික රණවක