උදරයේ අමාරුවකට ප්රතිකාර ගැනිම සදහා නාවලපිටිය මහ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලැබු 84 හැවිරිදි රෝගියෙක් කොවිඩ් 19 වෛරසය අසාධනය විම නිසා නිදන්ගත වකුගඩු රොගය උත්සන්න වි උගුරේ ඇති වු අසාත්මික තාවය නිසා ඇතිවු සන්කුලතා නිසා මෙම මරණය සිදු වි ඇති බව ට පශ්චාත් මරණ පරික්ෂනයේදි තහවුරු වු බව පස්බාගේ කෝරලේ සෞඛ්යය වෛද්යය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්යය පරික්ෂක ලලිත් කොළමුන්න මහතා පැවසිය.
මෙසේ මිය ගොස් ඇත්තේ ගම්පොල උඩපළාත සෞඛ්යය වෛද්යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන උලපනේ මාවතුර ප්රදේශයේ පදිංචි දිසානායක කිරිබණ්ඩා නැමැති සය දරු පියෙකි .
මරණකරු ඉකුත් (04) දින උදර අබාදයට ප්රතිකාර ගැනිම සදහා නාවලපිටිය මහ රෝහල වෙත පැමිණ ඇති අතර ,පසුව රෝහලේ වෛද්යය වරුන් විසින් එම රෝගියාව නේවාසිකව පළවන වාට්ටුවට ඇතුලත් කර පසුව පි.සි.ආර් පරික්ෂනයකට භාජනය කල අතර එහිදි එම රෝගියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත .
නේවාසිකව නාවලපිටිය මහ රෝහලේ පළමු වාට්ටුවේ ප්රතිකාර ලැබු රෝගියා ජිවිතක්ෂයට පත්විමෙන් අනතුරුව එම වාට්ටු සංකිර්ණය සම්පුර්ණයෙන්ම විෂබිජ හරණය කිරිමට නාවලපිටිය මහ රෝහලේ රෝහල් කාර්ය මණඩලය කටයුතු කරනු ලැබුහ.
මියගිය අයගේ අවසන් කටයුතු නිරෝධායන උපදෙස් වලට අනුකුලව නාවලපිටිය බව්වාගම පොදු සුසාන භුමියේ අදාහනාගාරයේ දි මහජන සෞඛ්යය පරික්ෂකවරුන් විසින් (06) දින සිදු කෙරිණ,එම අවස්ථාවට මරණකරුගේ පවුලේ ඥාතියෙකු පමණක් සහභාගි වි සිටිහ.
හැටන් – රංජිත් රාජපක්ෂ