Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ද.අප්‍රිකාව තරග 2-0 ක් ලෙස තරගාවලිය ජයගනී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද සමත් විය.

ටෙස්ට් තරගයකට උචිත අයුරින් හැඩ ගැසීමට තරම් ප්‍රමාණවත් මානසිකත්වයකින් නොසිටීමත්, කඩුලු රැකගනිමින් පන්දුවට පහරදීමට තරම් ප්‍රමාණවත් ඉවසීමකින් තොරවීමත් හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක් ඉතිරිව තිබියදීම ජොහැනස්බර්ග් නුවර වොන්ඩර්ස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ සත්කාරක දකුණු අප්‍රිකා පිල හමුවේ කඩුලු 10කින් පරාජය වීමට ශ්‍රී ලංකා පිලට සිදු විය.

ජොහැනස්බර්ග්හී පැවැති මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 157 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව පළමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 302 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 211කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත්වුණා.

නායක දිමුත් කරුණාරත්න 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 103 ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා හිමි වූ ලකුණු 67 ක ඉලක්කයක දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් කිසිවෙකු නොදැවී පසු කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා පිල මුළු තරගමාලාවේදීම පිතිහරඹයේ යෙදී ඇත්තේ දළ වශයෙන් දින දෙකහමාරක කාලයක් පමණි. එය පළමු තරගයේදී දින එකහමාරක් සහ දෙවැනි තරයේදී එක් දිනක් ලෙසටය.

පළමු තරගය දකුණු අප්‍රිකාවට ඉනිමක ජයක් අත්කර දෙමින් නිමාවට පත්වූයේ සිවුවැනි දිනයේ දිවා ආහාරයෙන් මොහොතකට පසුය.

දෙවැනි තරගය දකුණු අප්‍රිකාවට කඩුලු 10ක ජයක් ගෙන දෙමින් නිමාවට පත්වූයේ තුන්වැනි දිනයේ දිවා ආහාරයෙන් මොහොතකට පසුය.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන ද්විත්වයම දිනා ගනු ලැබුවේ ඩීන් එල්ගාර් විසිනි.

Scroll to Top