Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වරායේ සැපයුම් ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

“වරායේ සැපයුම් ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලමින්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉදිරි ගමනට තවත් මුල්ගලක් තැබීම ලෙස ගුදම් පහසුකම් නවීනතම තාක්ෂණය සහිත නව ගුදම් සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම වරාය හා නාවික අමාත්‍ය  රෝහිත අබේගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

රටේ ආර්ථිකයට දායක වන ජාතියේ ආර්ථික මර්මස්ථානය වන වරාය පද්ධතිය ගොඩනගමින් තවත් ශක්තිමත් පියවරක් වශයෙන් වරාය පරිශ්‍රයෙන් පිටත තිබුණු සේවාවන් වරාය පරිශ්‍රය ඇතුළට ගෙන එමින් යම් භාණ්ඩයකට අගය එකතු කර ප්‍රතිඅපනයන කිරීම සදහා අවශ්‍ය කරන බිම් පහසුව ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවත්, කොවිඩ් තත්වය හමුවේ රටේ ප්‍රධාන අදායම් මාර්ගවල දොරගුළු වැසී තිබෙන පසුබිමක නව ආදායම් මාර්ගවලට දොරගුළු විවෘත කිරීම සිදුකළ යුතු බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම නව ගුදම් සංකීර්ණය වසරක් ඇතුළත ඉදිකිරීම සිදුකෙරන බව  අමාත්‍යතුමන් විසින් උත්සවය අමතමින් මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාවට ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මැතිතුමන්, වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සි.ජයලාල් මහතා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධම්මික මාතරආරච්චි මහතා, ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා, උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා, කළමනාකාර අධ්‍යක්ෂකතුමන්, ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.”

Scroll to Top