Aboutceylon Online

ලන්ඩන් නව ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් වෛරසයේ “නව ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තිය” නිසා ඉදිරියේදී බ්‍රිතාන්‍යයේ තත්ත්වය දරුණු වනු ඇති බවට ලන්ඩනයේ නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.

දෙමසකටත් අඩු කාලයක් තුළ මෙම නව ප්‍රභේදයේ ආසාදිතයින් ලොව පුරා රටවල් 32කට අධික සංඛ්‍යාවකින් වාර්තා වීම විශේෂත්වයකි.

වයස අවුරුදු 20ට අඩු පිරිස අතර මෙම නව ප්‍රභේදය වැඩිපුර ව්‍යාප්ත වන බව මුල් දත්තවලින් ප්‍රකාශ කෙරුණ ද නව අධ්‍යයනය හෙළි කරන්නේ එය සියලු වයස් කාණ්ඩ අතර වේගයෙන් ව්‍යාප්ත වන බවය.

බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් වෛරස නව ප්‍රභේදයේ ව්‍යාප්තිය පළමුව හඳුනාගැනුණේ පසුගිය නොවැම්බර් 18 වැනිදාය.

නව වෛරස ප්‍රභේදය පිළිබඳ නිවේදනය කිරීමත් සමග ශ්‍රී ලංකාව ද බ්‍රිතාන්‍ය සමග පැවති ගුවන් ගමන් යළි දැනුම්දෙන තෙක් අත්හිටුවීමට වහා පියවර ගත්තේය.

Scroll to Top