අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කළ ක්‍රිකට් සම්මාන උළෙලේ දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆිල්ඩ් සෝබර්ස් සම්මානය දිනා ගැනීමට ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සමත් වූයේය.
විරාට් කෝලි ටෙස්ට් තරග 86 කදී ලකුණු 7240ක් ලබා ගෙන ඇත්තේ ශතක 27 ක් ද සමගින්.
එක්දින තරග 208 කදී කෝලි ශතක 39 ක් සමඟ ලකුණු 10,388 ක් රැස්කරගෙන තිබෙනවා.
විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 80 කදී කෝලි ලකුණු 2768 ක් හිමිකරගෙන ඇත්තේ අර්ධ ශතක 24 ක් ද සමගින්.
දශකයේ හොඳම පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන සම්මානය විරාට් කෝලි, හිමිකර ගත්තේ ඒ සඳහා නම් කෙරුණු ස්ටීවන් ස්මිත්, ඒ.බී.ඩිවිලියස්, කේන් විලියම්සන්, ජෝ රූට්, රවිචන්ද්‍රන් අශ්වින් සහ කුමාර් සංගක්කාර අභිබවමින්.
දශකයේ විශිෂ්ඨතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග ද නම් කර තිබූ නමුත් එම තිළිණය ද ජයග්‍රහණය කළේ විරාට් කෝලි විසින්.
දශකයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ඔස්ට්‍රේලියාවේ එලීසේ පෙරීට හිමි විය.
අදාළ සම්මානයට අමතරව කෝලිට දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සහ දශකයේ ටෙස්ට් ක්‍රිකට් පිලේ නායකත්වයත් හිමි වූයේය.