දකුණු අප්‍රිකානුවන් සෙන්චුරියන් හී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා ලකුණු 225ක වාසියක් අත්පත් කර ගැනීමට සමත් වූහ.
තෙවැනි දිනය වූ ඊයේ (28) දිනට තරගය නවතා දමන විටදී සිය දෙවැනි ඉනිම කි‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 2ක් දැවී ලකුණු 65ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකුම ආබාධවලට ලක්වීමෙන් දකුණු අපි‍්‍රකානු පිති ප්‍රහාරයට තවත් වාසියක් විය. දෙවැනි දිනයේදීම කසුන් රාජිත ආබාධයකට ලක්වූ අතර ළහිරු කුමාරද ආබාධයකට ලක්විය.
වේග පන්දු යවන්නන් දෙදෙනකුම ආබාධයට ලක්වී සිටියදී වැඩි බරක් පන්දු යැවීමෙන් කරට ගත් දසුන් ද ආබාධයකට ලක්විය.
මෙම ටෙස්ට් තරගයේදී ධනංජය ද සිල්වා, කසුන් රාජිත, දසුන් ශානක සහ ළහිරු කුමාර ආබාධවලට ලක්වීමෙන් අතිරේක පන්දු යවන්නකු වශයෙන් කටයුතු කිරීමටද කුසල් මෙන්ඩිස්ට සිදුවිය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලෙඩ වෙද්දී තරගයේ වාසිය දකුණු අපි‍්‍රකානුවන් අතට මේ වන විට පත්ව තිබේ.