දකුණු අප්‍රිකාව පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 317ක් රැස් කිරීමට දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසානයේදී ඊයේ (27) සමත් විය.
රී ලංකා ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු 360 ට පිළිතුරු ලෙසය. දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 79 ක් පසුපසින් මේවන විට පසුවේ.
දිනය නිමාවන විට ෆෆ් ඩු ප්ලෙසීස් ලකුණු 55 ක් සහ ටෙම්බා බවුමා ලකුණු 41 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ලකුණු 20 ක් තුල අවසන් කඩුලු 3 දැවී ගියද ඉන් නොසැලුණු ෆෆ් ඩු ප්ලෙසීස් සහ ටෙම්බා බවුමා පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 97 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කිරීමට සමත්වූහ.