කුසව පබ්බතාරාම නාච්චදූව මහ රහතන් වහන්සේලා වැඩසිටි භූමිය මේ වන විට විනාශ වෙමින් පවතින බවට ගම්මු පවසති.
දෙවන මොග්ගල්ලාන රජු නැටුම් නැරඹීම සඳහා මේ ස්ථානයට පැමිණ ඇති බවත් මහ රහතන් වහන්සේලා වැඩසිටි පූජා භූමියක් ලෙසට සැලකෙනා බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කර සිටිති.
නැටුම්දූව ලෙසින් නම් ලද මේ වැව පසු කාලයේ නාච්චදූව නමින් ප්‍රසිද්ධ වී ඇති බවත් මේ වැව ආශ්රිත රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රාශියක් දක්නට ලැබෙන බවත් ඔවුහු කියා සිටිති.
මෙහි මහ රහතන් වහන්සේලා විශාල වශයෙන් වැඩසිට ඇති බවට ද සාක්ෂි තිබේ. ලෙන්, පඩිපෙළවල්, ගල් ගුහා, ගරා වැටුණු චෛත්‍යයක් ආදි පෞරාණික ස්ථාන විශාල ප්‍රමාණයක් අදට ද දක්නට ලැබේ.
වාරිමාර්ග, වනජීවී, වන සංරක්ෂණ, පූජාභූමි, පුරාවිද්‍යා ආදි සියලු දෙනාගේ ඇසගැටිය යුතු ආරක්ෂා කරගත යුතු ස්ථානයක් බව ගම්වාසීහු පවසති. ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ භූමිය වහාම රජයට පවරාගෙන සිදු වන්නා වූ විනාශය වළක්වා දෙන ලෙසටයි.
අනවසර ඉදිකිරීම් තුළ පල්ලි පවා දක්නට ඇති අතර නිවාස ඉදි කිරීම් රාශියක් ද දක්නට ලැබේ.
මෙතෙක් වගකිවයුතු අයට මේ ප්‍රදේශය නොපෙනීම ගම්වැසියන්ට ද මහත් ගැටලුවකි. නිදන් හොරුන් විසින් විනාශ කර ඇති දෑ බොහෝය. අනුරාධපුර නාච්චදූව වැව් රක්ෂිතය සහ කුසව පබ්බතාරාම මහ රහතන් වහන්සේලා වැඩසිටි භූමිය ආරක්ෂා කර දෙන ලෙස ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.