Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සුනාමි ව්‍යසනයට වසර 16යි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මීට වසර 16කට පෙර 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26වන දින සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගොස් 5000ක පමණ පිරිසක් අතුරුදන් විය.

2004 වසරේ දෙසැම්බර් මස 26වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් 26වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කරනු ලැබීය.

අසිරිමත් නත්තලක මිහිර විඳි, දකුණු ලක හා උතුරු නැගෙනහිර වෙරළ බඩ ජනතාව සිය දෛනික කටයුතු ආරම්භ කළේය.

එදින උඳුවප් පුර පසළොස්වක පෙහෝ දිනය වූ බැවින්, බෞද්ධ සැහැදැවතුන් බොහෝ දෙනා සිටියේ ආගමික වතාවත්වල නිරත වෙමිනි.

මේ අතර ඉන්දීය හා ශාන්තිකර සාගරවලට මැදිව පිහිටි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ, දරුණු භූ කම්පනයක් සිදුවිය.

මෙරට වේලාවෙන් උදෑසන 6.58 ට සිදුවූ භූ කම්පනයේ අප කේන්ද්‍රයෙන් නැගුන උදම් රළ පළමුවෙන්ම ඉන්දුනීසියාවට කඩා වැදුණි.

ඉන් පසුව ගතවූ පැය කිහිපය තුළ උදම් රළ පහර පැයට කිලෝමීටර් 800 ක වේගයකින් ශ්‍රී ලංකා වෙරළ තීරයට කඩා වැදුණේ තත්පරයෙන් තත්පරය වටිනා ශ්‍රී ලාංකික ජීවිත 40,000කට අධික සංඛ්‍යාවක් අහිමි කරමිනි.

අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සුරකින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

ජාතික සුරක්ෂිතතා දිනය මෙවර සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නීති රීති අනුගමනය කරමින් සැමරීමට කටයුතු යොදාඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් අද දිනය පුරා සර්ව ආගමික වැඩසටහන් සිදුකිරීමට නියමිත බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

Scroll to Top