මත්පැන් පානය කර වගකීම් විරහිත් අන්දමින් හැසිරෙන තැනින් තැන සංචරණය කරන පුද්ගලයින් නිසා කොවිඩ් වසංගතය පැතිර යෑමේ අවදානමෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා නත්තල් සහ අලුත් අවුරුදු සමයේ සියලු සුරාසැල් වසා දැමීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි රජයේ වෛද්‍ය සංගමය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගේ සංඛ්‍යාව සීයයට 65-70 ක ප්‍රමාණයක ප්‍රතිශතයක් පෙන්නුම් කරන අවස්ථාවේ මත්පැන් අලෙවිසල් විවෘත කිරීම හරහා ඇතිවිය හැකි අවදානම් සහගත සංචරණයන් නිසා කොවිඩ් ආසාදිතයින් ගේ සංඛ්‍යාව ඉහළ යෑමට බෙහෙවින් ඉඩ ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.