රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිනිය දින බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) ප්‍රදේශීය පුහුණු මධ්‍යස්ථානයේ සහ ජාතික ආධුනික හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) යන මධ්‍යස්ථානවල හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදි එම ආයතන වල වත්මන් තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳවත් ඉදිරි සැලසුම් පිළිබඳවත් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වූ අමාත්‍යතුමිය අද දින පාඨමාලා ඉගෙනීම් කටයුතුවල නිරතවෙමින් සිටි සිසුන්ගේ ක්‍රියාකාරම් අධ්‍යනය කළාය. ඔවුන් සමඟ සුහද කතාබහක නිරතවෙමින් ඇය සිසුන්ගේ රුචි අරුචිකම් පිළිබඳවද සොයා බැලීය.
ආයතනයෙහි අඩුපාඩු සොයාබලමින් ඒවා වැඩිදියුණු කිරීමටත් රැකියා වෙළඳපල ඉලක්ක කරගනිමින් පවතින පාඨමාලා යාවත්කාලීන කර වැඩිදියුණු කිරීමටත් මෙහිදී අමාත්‍යතුමියගේ විශේෂ අවධානය යොමු විය.
මෙම අවස්ථාවට යටියන්තොට ආසන සංවිධායක කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති රාජිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.
නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය