බස්නාහිර පළාතෙන් පිටතට යාමට සූදානම් වුවන් අතරින් අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළ 431 දෙනෙකු අතරින් කොවිඩ් ආසාදිතයින් 5 දෙනකු අද දිනයේ හඳුනාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම ආසාදිතයින් සමග ගමන්ගත් සෙසු පුද්ගලයින් නිරෝධායනයට යොමු කළ බවයි.
අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ජංගම රසායනාගාර 10 ක් පමණ අවශ්‍ය වන බව වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි.