බස්නාහිර පළාතෙන් නික්මෙන පුද්ගලයන් සඳහා පළාත් සීමාවන්හිදී අද සිට රැපිඩ් ඇන්ටිජන් කොවිඩ් පරික්ෂාවන් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මෙම අහඹු පරීක්ෂාවන් කොළඹ – නුවර පාරේ නිට්ටඹුව, අවිස්සාවේල්ල – කොළඹ පාරේ සාලාව – කොස්ගම සහ කොළඹ – හලාවත පාරේ කටුනායකදී සිදුකිරීමට නියමිතයි.
සෞඛ්‍ය ලේකම්වරයාගේ උපදෙස් පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ඇතිව මෙම පරීක්ෂාවන් සඳහා ජංගම ඒකක යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යාගාර සේවා පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුදත් කේ. ධර්මරත්න ප්‍රකාශ කළා.
ඉදිරි දින කිහිපයේදී බස්නාහිර පළාතේ සිට අනෙක් ප්‍රදේශවලට නොයන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.