ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදාගන්නා PT6 වර්ගයේ ගුවන් යානයක් කන්තලේ සූරියපුර කුඹුරකට වැටී ඊයේ (15) අනතුරට ලක්ව ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරට පත් වූ ගුවන් යානය ඊයේ පස්වරු 1.45ට පමණ රේඩාර් පද්ධතිය සමඟ පැවැති සබඳතාවලින් ගිලිහී ගොස් තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
නියමුවන් පුහුණු කිරීමට යොදාගන්නා PT6 වර්ගයේ ගුවන් යානයක් එසේ අනතුරට ලක්වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
අනතුරෙන් ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්වී තිබේ.
කන්තලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ නියෝග මත සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.