Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජැෆ්නා LPL අවසන් මහා තරගයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දඹුල්ල වයිකිංග් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගය ලකුණු 37කින් ජය ගනිමින් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම LPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගෙන තිබේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළේ ය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ජොන්සන් චාල්ස් පන්දු 56කින් ලකුණු 76යි.

ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල වයිංකිංග් කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග ලකුණු 33ක් රැස්කළේය.

2020.12.16 දින අවසන් මහාතරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් තරග වදිනු ඇති.

Scroll to Top