Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

LPL දෙවැනි අවසන් පූර්ව සටන අද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලංකා පි‍්‍රමියර් ලීග් පන්දුවාර 20යි විස්ස කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (14 ) දඹුල්ල වයිකිං කණ්ඩායම සහ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම අතර පැවැත්වේ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල වයිකිං කණ්ඩායම මූලික වටයේ සහභාගි වූ තරග 8න් තරග 5ක් ජය ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.

දඹුල්ල කණ්ඩායමේ වැඩිම පිතිකරු බලාපොරොත්තුව බවට නායක දසුන් ශානක සහ නිරෝෂන් දික්වැල්ල පත්ව තිබේ. එල්. පී. එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරු ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට
පත්වන්නට දඹුල්ල නායකයා සමත්වී ඇති අතර ඔහු තරග 8කදී මුළු ලකුණු 273ක් ලබා ගැනීමට සමත්වී තිබේ.

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම තරගාවලියේ තරග 8න් තරග 4ක් ජය ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය නියෝජනය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.

යාපනයේ කණ්ඩායමේ පිතකරණයෙන් සහ පන්දු යැවීමේ ඉසව්වෙන් වැඩි දස්කම් දැක්වීමට තිසර පෙරේරා සහ වනිදු හසරංග සමත්වී සිටන අතර අද තරගය ජය ගැනීමට ඔවුන් දෙදෙනාගේ කැපවීම තා වැදගත් වේ.

අවසන් මහා තරගයට අද(14) ජයග්‍රණය කරන කණ්ඩායම සමග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම 16 වැනිදා රාත්‍රී 7ට  තරගවැදිමට නියමිතයි.

Scroll to Top