LPL තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු දෙකක ජයක් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.
ලකුණු 151 ක ඉලක්කයක් හඹා යන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම, පන්දුවාර 19 යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 8 ක් දැවී අවසන් මහ තරගයේ ස්ථානය තහවුරු කර ගත්තේය.
කලම්බො කිංග්ස් කණ්ඩායම් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඩ් ලකුණු 70ක් රැස් කළේය.
ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් ලබා ගත් අතර නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් ලබා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බො කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 150කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක භානුක රාජපක්ෂ ලකුණු 33ක් රැස් කළේය.
ධනංජය ලක්ෂාන් නොදැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 31කි.
දෙවැනි අවසන් පූර්ව තරගය අද (14) රාත්‍රී 7ට දඹුල්ල වයිකිං කණ්ඩායම සහ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම අතර පැවැත්වේ.