Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

උත්සව සමයේ ලොක්ඩවුන් වෙයිද?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

උත්සව සමයේදී හුදෙකලා කිරීම් හෝ සංචරණ සීමා යටතේ තවදුරටත් ජීවත් වන්නේදැයි තීරණය කිරීමේ වැඩි වගකීම ජනතාව සතු බව යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

නත්තල් සමය ඉලක්ක කර ගනිමින් ලබන 21 වනදායි ආරම්භ වන සතියේදී මීගමුව ප‍්‍රමුඛ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මෙන්ම ජනතාව වැඩි වශයෙන් ගැවසෙතැයි අපේක්ෂිත ප‍්‍රදේශ වල හුදෙකලා කිරීමක් හෝ ඇඳීරි නීතිය පැනවීමක් සිදු කරනු ඇතැයි ඉකුත් දින වල වාර්තා පල වුණා.

කෙසේ වෙතත්  දෛනිකව සිදු කෙරෙන පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ වල ප‍්‍රථිපල මත මෙම තීරණ වෙනස් විය හැකි බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිහිපත් කරයි.

Scroll to Top