Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොරෝනා ආසාදිතයින් 32,000 ඉක්මවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 32 135 කි.

ඒ, ඊයේ ආසාදිතයින් 755 ක් හඳුනා ගැනීමත් සමගයි.සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23 304 කි.

ආසාදිතයින් 8684 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 149 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ වාර්තා වූ තවත් කොරෝනා මරණ 02 ක් සමගින්.

එලෙස මියගොස් ඇති එක් පුද්ගලයෙකු කොළඹ 15 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මුල්ලේරියාව මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ.

මේ අතර හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව නිරෝධායන රෙගුලාසී පිළිපැදීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

Scroll to Top