LPL තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ ඊයේ රාත්‍රියේ පැවති තරගයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 09 කින් පරාජයට පත් කරමින්.
මේ අනුව දඹුල්ල – යාපනය සහ කොළඹ කණ්ඩායම් සමගින් අවසන් පූර්ව වටයේදී තරග වැදීමට ගාල්ල කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.
කුසල් ජනිත් පෙරේරා ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනවා.
ඊයේ පැවති LPL 19 වන තරගයේ මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පන්දුවර 19 යි එක් පන්දුවකදී සියල්ලන් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 126 ක්. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් 68ක් ලබා ගත්තා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ගෝල් ග්ලැඩියේටර්ස් පිල පන්දුවාර 17 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකලා.
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 94 ක් ලබාගැනීමට ධනුෂ්ක ගුණතිලක සමත් වුනා.