Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජාතික පාසල් සංඛ්‍යාව දහසක් වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

දැනට මෙරට තුළ ජාතික පාසල් 350 ක් පවතින අතර, අදියර තුනක් යටතේ මෙම සංඛ්‍යාව දහස දක්වා ඉහළ නංවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ.

පළමු අදියර යටතේ මේ වනවිට කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123 ක එක් පළාත් සභා පාසලක් බැගින් තෝරාගෙන ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි.

Scroll to Top